AFC Banner
Empty Ad
Empty Ad

ට්‍රම්ප්ගේ දෝෂාභියෝග විභාගයට අමෙරිකානු සෙනෙට් මණ්ඩල අනුමැතිය

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෙවන දෝෂාභියෝගයේ විභාගය සඳහා එරට සෙනෙට් මණ්ඩලය ඊයේ අනුමැතිය ලබාදුන්නා.

එහිදී සෙනෙට් සභිකයින් 56 දෙනෙකු ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර, 44 දෙනෙකු විරුද්ධත්වය පළ කළා. හිටපු ජනපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සභිකයින් 06 දෙනෙකුද ඩිමොක්‍රටික් පක්ෂය හා එක්ව දෝෂාභියෝගය ඉදිරියට ගෙන යෑම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

පසුගිය ජනවාරි 06 වැනිදා වොෂින්ටනයේ පිහිටි අමෙරිකානු පාර්ලිමේන්තුව හෙවත් කැපිටල් ගොඩනැගිල්ල ආක්‍රමණය කිරීම සඳහා සිය අනුගාමිකයින් පෙළඹවීම ජනපති ට්‍රම්ප්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

කෙසේ නමුත්, අවසන් ඡන්ද විමසීමේදී ජනපති ට්‍රම්ප් වරදකරු කොට ඔහු, නැවතත් ජනාධිපතිවරණය සඳහා තරඟ වැදීම වළක්වාලීමට නම් රිපබ්ලිකන් සෙනෙට් සභිකයින් 17 දෙනෙකුද ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයින් හා එක්ව ඡන්දය ප්‍රකාශ කළ යුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?