සුබ්‍රමනියන් ස්වාමිගේ යෝජනාව ගැන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

ඉන්දියාව සිය හමුදාවන් මෙරටට එවීම පිළිබඳව ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල පළවන වාර්තා පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලට සහය දැක්වීම සඳහා අවශ්‍යය නම්, ඉන්දීය හමුදාව පිටත් කර යැවීමට ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක, හිටපු අමාත්‍ය සුබ්‍රමනියන් ස්වාමි යෝජනාවක් කර තිබුණා.

ඔහුගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට දෙරට තුළම දැඩි කතා බහක් මතුව තිබෙනවා.

එවන් පසුබිමකයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අදාල නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, පළවන වාර්තා සහ අදහස් ඉන්දීය රජයේ ස්ථාවරයට නො ගැළපෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42