පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින දීර්ඝ කෙරේ

2023 වර්ෂය සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින දීර්ඝ කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ රටේ පවතින ගැටලුකාරී තත්ත්වය හමුවේ දෙමව්පියන්ගෙන් ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් රැසක් ලැබුණු බවයි.

ඒ, අනුව අදාළ අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය 2022.08.01 දින දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.