‘මහේශාඛ්‍ය’ හස්තියාගේ දළ කපාගෙන ගිය අය සොයන්න පොලිස් නිල සුනඛයින් යොදවයි

‘මහේශාඛ්‍ය’ හස්තියා මරණාසන්නව සිටිය දී දළ කපාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සහ වනජීවි නිලධාරින් ඊට එරෙහිව ක්‍රියාත්මක නොවීම සම්බන්ධව විමර්ශණයක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනටමත් පොලිසියට මේ සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඇත්දළ කපා ගත් පුද්ගලයා සොයා ගැනීම සඳහා පොලිස් නිල සුනඛයින් යොදා ගනිමින් පරීක්ෂණ සිදු කෙරෙන බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.

හස්තියා මරණයට පත් වන තෙක් වනජීවී නිලධාරින් ක්‍රියාත්මක නොවීම හා ඔවුන්ගෙන් රාජකාරී අතපසු වීමක් සිදු වී ඇත් ද යන්න සොයා බැලීමට වනජීවී දෙපාර්තමේන්තුව විසින් ද විමර්ශණයක් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08
Video thumbnail
රැඳවියන්ගේ දෙමාපියන් හඬා වැටෙයි - අපේ පුතා ඇප ගන්න හිටියේ..දරුවෝ තුවාලද ? මැ#ලද ?
04:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:13
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40