AFC Banner
Empty Ad
Empty Ad

සොරකම් සහ මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ අපරාධකරුවන් 04ක් අටළුගමදී අල්ලයි

රන්මාල සහ යතුරුපැදි සොරකම් කිරීම් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙක් තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සිව්දෙනා බණ්ඩාරගම, අටළුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය, රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා යතුරුපැදි දෙකක් සහ ලක්ෂ 25ක් පමණ වටිනා රත්‍රං මාල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මොවුන් බොරැල්ල,හෝමාගම, කළුතර, මාලඹේ, පිළියන්දල, පානදුර, කහතුඩුව, මත්තේගොඩ, කඩවත, කැස්බෑව යන ප්‍රදේශවල සොරකම් කිරීම සහ මංකොල්ලකෑම්වල නිරතව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් මුල්ලේරියාව සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22ත් 55ත් අතර පසුවන්නන්.

සැකකරුවන් සිව්දෙනා අද (24) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?