සොරකම් සහ මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ අපරාධකරුවන් 04ක් අටළුගමදී අල්ලයි

රන්මාල සහ යතුරුපැදි සොරකම් කිරීම් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙක් තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සිව්දෙනා බණ්ඩාරගම, අටළුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය, රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා යතුරුපැදි දෙකක් සහ ලක්ෂ 25ක් පමණ වටිනා රත්‍රං මාල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මොවුන් බොරැල්ල,හෝමාගම, කළුතර, මාලඹේ, පිළියන්දල, පානදුර, කහතුඩුව, මත්තේගොඩ, කඩවත, කැස්බෑව යන ප්‍රදේශවල සොරකම් කිරීම සහ මංකොල්ලකෑම්වල නිරතව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් මුල්ලේරියාව සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22ත් 55ත් අතර පසුවන්නන්.

සැකකරුවන් සිව්දෙනා අද (24) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18