නැගෙනහිර ජැටිය ඉන්දියාවට දිය යුතුයි.. බොරුවට ජාතිය, දේශීයත්වය කැන කියමින් රටක් දියුණු කරන්න බෑ..

කොළම වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දිය යුතු බව තමන් පෞද්ගලිකවම පැවසූ බව රාජ්‍ය ඇමති නිමල් ලංසා මහතා පවසයි.

ජාතිය ගැන දේශීයත්වය ගැන බොරුවට කතා කර රටක් දියුණුකල නොහැකි යයිද ඒ මහතා කියා සිටී.

එනිසා ඒ ආකාරයෙන් ආණ්ඩු කරන ක‍්‍රමවේදයක් කියා දෙන්නැයිද ඒ මහතා ඉල්ලා සිටියේය.

උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.