මන්ත්‍රීලාගේ කතා නොඅසා තරුණ තරුණියෝ ජංගම දුරකතනවල එල්ලිලා

ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ලබා දුන් කායවර්ධන මධ්‍යස්ථානයක්  විවෘත කරන අවස්ථාවේදී බොහෝ තරුණ තරුණියන් උත්සවය අමතක කොට ජංගම දුරකතනයට අවධානය යොමු කිරීම පිළිබඳව එහි  ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත දිවයිනේ සෑම පළාතක ම කායවර්ධන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ වැඩසටහන යටතේ මධ්‍යම පළාත් කායවර්ධන මධ්‍යස්ථානය මාතලේ, නාඋල පොදු ක්‍රීඩාංගණයේදී පසුගිය දිනක ආරම්භ කෙරිණි.එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සුබ මොහොතින් කායවර්ධන මධ්‍යස්ථානය  තරුණ තරුණියන්ට භාර දීම සිදුකර පසුව ජාතික තරුණ සේවා සභාව, ප්‍රාදේශීය සභාව ආදී රාජ්‍ය ආයතනවල නියෝජිතයින් සමග ඉතා කෙටි රැස්වීමක් සූදානම් කරමින් තරුණ තරුණියන් දැනුවත් කිරීම සහ කායවර්ධනයේ වැදගත්කම පිළිබඳව කතා කරන්නට විය.

එම අවස්ථාවට එක්ව සිටි මාතලේ දිස්ත්‍රික්කයේ බොහෝ තරුණ තරුණියන්  රැස්වීම සහ එහි අදහස් දැක්වූ නිලධාරීන්ගේ අවධානයට යොමු  නොකොට තම තමන්ගේ ජංගම දුරකතනවල අවධානය යොමු කරමින් සිටින අයුරු එහි සිටි බොහෝ දෙනා  මෙන්ම ආරාධිත අමුත්තා ලෙස පැමිණි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ද අවධානයට යොමු වී තිබිණි.තරුණ තරුණියන් අමතා අවවාද අනුශාසනා දුන් බොහෝ දෙනා ඔවුන්ගේ කතා  ඉතා කෙටියෙන් නවතා දැමුවේ ද එහි සිටි තරුණ තරුණියන්ගේ කිසිදු අවධානයක් ඒ සඳහා යොමු නොවීම නිසාවෙන් බව පෙනෙන්නට තිබිණි.පසුව සභාව ඇමැතූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ තමන්ට ද කුඩා දරුවන් දෙදෙනෙකු සිටින බවය. ඔවුන් දෙදෙනා හට ජංගම දුරකතන දෙකක් ලබාදුනහොත් ඕනෑ ම දෙයක් සිදුකළ හැකි බවය.එහෙත් මෙම සභාවේ සිටින තරුණ තරුණියන් බොහෝ දෙනාගේ අවධානය උත්සව සභාවට වඩා ජංගම දුරකතනය කෙරෙහි යොමු කළ බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ ඕනෑ ම දෙයක් සීමාවක් ඇතිව කළ යුතු බවය.මෙම ස්ථානයේ ජංගම දුරකතන භාවිත කරමින් කිසිදු අවධානයක් රැස්වීම කෙරෙහි යොමු නොකරන බව ‍ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රිවරයා කියන අවස්ථාව වන විටත් එහි සිටි තරුණ තරුණියෝ ජංගම දුරකතනයට අවධානය යොමු කරමින් සිටි බව අප වාර්තාකරු පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44