අකාලයේ නැති කරගන්න ගිය ජීවිතයක් බේරාගත් පොලිස් නිලධාරියා

හසලක, මිනිපේ ඇළ සොරොව්ව අසලින් දියට පැන සියදිවි හානිකරගැනීමට ගිය කාන්තාවක් බේරාගැනීමට පොලිස් නිලධාරියෙක් සමත්ව තිබෙනවා.

මෙලෙස සියදිවි හානිකරගැනීමට තැත්කර ඇත්තේ හසලක ප්‍රදේශයේ ම කාන්තාවක් බවයි වාර්තා වුණේ.

58 හැවිරිදි වියෙහි පසුවන අදාල කාන්තාව හසලක රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කාන්තාව බේරාගෙන ඇත්තේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු බවයි වාර්තා වුණේ.