ජනපතිව ජනාධිපති ලේකම් කාර්යාලයේ කොටු කරලා ! – අමාත්‍ය විමල් වීරවංශ

මේ තනි බල පෙරේතකමක් මුදුන් පමුණුවා ගන්න කරන වැඩක්..

ඇතැමුන් තමන්ගේ තනි බල පෙරේතකම මුදුන් පමුණුවා ගැනීමට ආණ්ඩුවට විශාල හානියක් සිදු කරමින් සිටින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඒ පෞද්ගලික බල පෙරේත කම සංතෘප්ත කර ගැනීම වෙනුවෙන් සිදු කරන විනාශකාරී බලපෑම හොඳින් දකින බවත් ඒ ගැන විශාල කනගාටුවක් ඇති බවත් ඔහු පවසයි.

රාජ්‍ය නායකයා ලෙස භූමිකාව බාරගත් ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල චරිතයක් නොවන බවද පවසන ඔහු රාජ්‍ය නායකත්වය භාර ගත් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ඔහුට ලබා දීම සිදු කළ යුතුව තිබූ බවද ඇමතිවරයා කියයි.

එසේ නොකර ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයට විතරක් තනි කිරීම සුදුසු දෙයක් නොවන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඉන් සිදුවන්නේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර තිබෙන සබැඳියාව දුබල වීම බවත් එය ආණ්ඩුවේ සහ රටේ නිරෝගී පැවැත්මට හිතකර දෙයක් නොවන බවත් ඒ මහතා කියා සිටී.

ඒ අහිතකර තත්ත්වය වර්ධනය වෙන්න ඉඩ හරින්නේ කාගේ කුමන අපේක්ෂාවන් මුදුන්පත් ගැනීම සඳහා දැයි තමනට පැහැදිලි නැතැයි ද ඔහු සදහන් කරයි.

ඇමතිවරයා මේ බව සඳහන් කරන්නේ සති අන්ත ලංකාදීප පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමිනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44