අලුත්ම අමාත්‍යාංශයක වගකීම ධම්මික පෙරේරාට

අලුතින් පිහිටුවන ලද කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි පත්කරනු ඇති බව වාර්තා වනවා.

මේ අතර ගැසට් නිවේදනයක් මඟින් අලුතින් නම් කළ තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ අමාත්‍යවරයා ලෙස ධම්මික පෙරේරා පත් කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශ දෙකක් නම් කරමින් ගැසට් නිවේදනයක් ඊයේ නිකුත් කළා.

ඊට එම අමාත්‍යාංශවලට අයත් කාර්යභාරයන් සහ ආයතන ද එහි ඇතුළත්.

ඒ අනුව තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් මෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ප්‍රමිති ආයතනය ඇතුලු ආයතන 15ක් ඇතුළත්.

එමෙන්ම කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන 15ක් ඇතුළත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?