ප්‍රියංකා චොප්රාගේ නිවස ලබාගත් ශ්‍රී ලාංකික නිළිය

ජනප්‍රිය බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාගේ නිවසක් ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත නිළියක් වන Jacqueline Fernandez ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇය මුම්බාහි පිහිටි එම නිවස ඉන්දීය රුපියල් කෝටි 7ක මුදලකට ලබා ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍යවල දැක්වෙන්නේ.

2018 වසරේදී නික් ජෝන්ස් සමග විවාහ වීමෙන් අනතුරුව ප්‍රියංකා චොප්රා අමෙරිකාවේ පදිංචියට යාමටයි කටයුතු කළේ.

ඒ හේතුවෙන් අදාළ නිවස විකුණා දැමීමට ඇය කටයුතු කළ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

පසුගිය වසර කිහිපයක් පුරා තම නිවස වෙනස් කිරීමට බලාපොරොත්තුවෙන් සිටි ජැකලින් අවසානයේ ප්‍රියංකා චොප්රා භාවිත කළ නිවස ලබා ගැනීමේ ගිවිසුමට එළඹ තිබෙනවා. මුහුදට මුහුණලා පිහිටා ඇති මෙම නිවසට ඕවලාකාර බැල්කනියක් නිදන කාමර 5ක් මෙන්ම හිරු එළිය හොඳින් ලැබෙන බැල්කනියක් ද පවතින බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?