රන්ජන් පුවත්පත් මණ්ඩලයට රැගෙන යයි

මේ වන විට බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද පස්වරුවේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ හමුවෙ පෙනී සිටියා.

බන්ධනාගාර ආරක්ෂාව යටතේ ඔහුව පුවත්පත් මණ්ඩලයට රැගෙන ආ අතර ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අවධියේ “මව්බිම” පුවත්පතේ පළවූ වාර්තාවක් සම්බන්ධයෙන් ඔහු කළ පැමිණිල්ලකට අදාළව ෙලෙස පැමිණ ප්‍රකාශ ලබා දීම සිදු කෙරුණා.