AFC Banner
Empty Ad
Empty Ad

පොලිසියේ තෙල් අඩුකරයි

උසස් පොලිස් නිලධාරින්ගේ සහ සියලුම පොලිස් වාහනවලට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය 20%කින් අඩු කිරීමට උපදෙස් ලැබී ඇති බව වාර්තා වනවා.

මේ පිළිබඳව පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ට සහ කොට්ඨාස ගණකාධිකාරිවරුන්ට දන්වා තිබෙනවා.

ඒ, අනුව මස පළමුවන දින සිට ‍ඉන්ධන නිකුත් කිරීම 20%කින් අඩු ඇති බවයි වාර්තා වන්නේ.

විදුලිය සහ ඉන්ධන අපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට පොලිස්පතිවරයා විසින් මීට පෙර ද දන්වා තිබුණා.

ඒ අනුව පොලිස් වාහනවලට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය 15%කින් අඩු කරන ලෙසට පසුගිය අප්‍රේල් මාසයේ දී චක්‍රලේඛයක් මගින් සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ට දන්වා තිබුණා.

ඒ අනුව මේ මාසයේ සිට එම ප්‍රමාණය 20% දක්වා වැඩිකරන ලෙසයි දන්වා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?