AFC Banner
Empty Ad
Empty Ad

එරෝෆ්ලෝට් සමාගම ශ්‍රී ලංකාවට නො එන බව කියයි

රුසියානු ජාතික ගුවන් සේවය වන එරෝෆ්ලෝට් ගුවන් සමාගම ශ්‍රී ලංකා වෙත සිදුකරන වාණිජ ගුවන් ගමන් නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටවූ බව නිවේදනය කරනවා.

එම සමාගමේ ගුවන් යානාවලට බාධාවකින් තොරව ශ්‍රී ලංකාව වෙත පියාසර කිරීම සහතික කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

එරොෆ්ලොට් ගුවන් යානා සෑම සතියකම බ්‍රහස්පතින්දා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවල කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් ගමන් සිදුකරනු ලැබුවා.

පසුගියදා රක්ෂණ වාරික නොගෙවීමේ හේතුවක් මත රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයක් අධිකරණ නියෝගයකට අනුව කටුනායක ගුවන් තොටුපළේ රඳවා ගත්තා.

කෙසේ වෙතත් අදාල ගුවන් යානය මෙරට තුළ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් රුසියාව අප්‍රසාදය පළකර සිටියා.

ඒ, රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ ඊයේ (03) එරට විදේශ අමාත්‍යාංශයට කැඳවා ඒ බව දැනුම්දීමෙන් නතුරුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?