එරෝෆ්ලෝට් සමාගම ශ්‍රී ලංකාවට නො එන බව කියයි

රුසියානු ජාතික ගුවන් සේවය වන එරෝෆ්ලෝට් ගුවන් සමාගම ශ්‍රී ලංකා වෙත සිදුකරන වාණිජ ගුවන් ගමන් නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටවූ බව නිවේදනය කරනවා.

එම සමාගමේ ගුවන් යානාවලට බාධාවකින් තොරව ශ්‍රී ලංකාව වෙත පියාසර කිරීම සහතික කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

එරොෆ්ලොට් ගුවන් යානා සෑම සතියකම බ්‍රහස්පතින්දා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවල කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් ගමන් සිදුකරනු ලැබුවා.

පසුගියදා රක්ෂණ වාරික නොගෙවීමේ හේතුවක් මත රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයක් අධිකරණ නියෝගයකට අනුව කටුනායක ගුවන් තොටුපළේ රඳවා ගත්තා.

කෙසේ වෙතත් අදාල ගුවන් යානය මෙරට තුළ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් රුසියාව අප්‍රසාදය පළකර සිටියා.

ඒ, රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ ඊයේ (03) එරට විදේශ අමාත්‍යාංශයට කැඳවා ඒ බව දැනුම්දීමෙන් නතුරුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14