අද ගෑස් කොළඹට පමණයි

අද (03) දිනය තුළදී ගෑස් සිලින්ඩර් 16,000ක් කොළඹ 01සිට කොළඹ 15 දක්වා ප්‍රදේශවලට පමණක් බෙදාහැරීම සිදුකර බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.

ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් රැගත් නෞකාවක් අනිද්දා දිනයේ දී දිවයිනට ළඟ වන බව සඳහන් කළ එම සමාගම ගෑස් බෙදාහැරීම ලබන අඟහරුවාදා සිට සිදුකළ හැකි බවයි දැනුම් දෙන්නේ.

මේ හේතුවෙන් පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.