Breaking News: අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල යළි ඉහළට

අද රාත්‍රියේ සිට නැවතත් ඉන්ධන මිල යළි ඉහළ දමා තිබෙනවා.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල සඳහන් වන්නේ රුපියල් 420.00 ක්. එහි පැරණි මිල පැවතියේ රුපියල් 337.00 ක් ලෙසයි.

එමෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 450.00 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

මේ වර්ගයේ පෙට්‍රල් ලීටරයක පැරණි මිල සටහන් වූයේ රුපියල් 373.00 ක් ලෙසයි. රුපියල් 289.00 ට මිල කර තිබූ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 400 ක් දක්වා ඉහළ දමා ඇති බවයි ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 111.00 කින් වැඩිවී තිබෙනවා.  මීට අමතරව රුපියල් 329.00 ට මිල කර තිබූ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 445.00 ක් දක්වා ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ. 

කෙසේ වෙතත් අඩු ආදායම් ලබන ජනතාවගේ ගැටලු සළකා බලා මේ මොහොතේ දී භූමිතෙල් මිල ඉහළ නො දැමීමට තීරණය කළ බවත් කැබිනට් ආරංචි මාර්ග සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?