ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතියෙන් දරුණු අනාවැකියක්….

දිවයිනේ පවතින අර්බුධකාරී තත්ත්වයන් හමුවේ දවසේ පැය 24 පුරා සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක කිරීම අපහසු තත්වයක් නිර්මාණය වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති පවසා සිටිනවා.

සෞඛ්‍ය සේවාවේ පවතින ගැටළු සඳහා ගැලපෙන ප්‍රායෝගික විසඳුමක් ලබා දීමට කිසිඳු වගකිව යුතු පාර්ශ්වයක් හෝ බලධාරියෙකු ඉදිරිපත් වී නොමැති බැවින් ඉදිරි කාලයේදී සෞඛ්‍ය සේවාව නිරායාසයෙන් අත්හිටවෙන සුළු තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ අතුරින් ප්‍රමුඛ ගැටළු වශයෙන් ,
සේවාමුර සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති වීම,
පෞද්ගලික වාහන භාවිතයෙන් සේවයට වාර්තා කිරීමට සිදු වන කාර්යය මණ්ඩලය සඳහා ඉන්ධන සපයා ගත නොහැකි වීම,
තමන්ගේ වැටුපට සාපේක්ෂව ප්‍රවාහන වියදම් දරාගත නොහැකි වීම යනාදී කාරණා පෙන්වා දී තිබෙනවා.

මෙම ගැටලු වලට විසදුම් ලෙස යෝජනා කිහිපයක් වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර තිබෙනවා.

එම යෝජනා ක්‍රියාත්මක නොවන්නේනම් රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වීම මත ඇති විය හැකි අනපේක්ෂිත ගැටළුකාරී තත්ත්වයකදී එහි වගකීම අදාල නිළධාරියා මත පැටවීම, විනය ක්‍රියාමාර්ග ගැනීම හෝ නිවාඩු කප්පාදු කිරීම සිදු නොකරන ලෙසත් වහාම මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කඩිනම් අවස්ථාවක් ලබා දෙන ලෙසත් සෞඛ්‍ය වෘත්තීය සමිති සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක්ද කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14