හයිද්‍රාබාද් නායකයා කණ්ඩායම අත්හැර මව්රට බලා නික්මෙයි

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක කේන් ව්ලියම්සන් මෙවර ඉන්දීය ප්‍රිමියර් තරගාවලියේ ජෛව ආරක්‍ෂිත බුබුළෙන් හදිසියේ ඉවත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

සිය බිරිඳගේ දෙවැනි දරු ප්‍රසූතිය වෙනුවෙන් නැවතත් නවසීලන්තය බලා පිටත්ව යාමට සිදුව තිබීම හේතුවෙන් ඔහු මෙලෙස ජෛව ආරක්‍ෂිත බුබුළෙන් ඉවත්ව ගොස් ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් මෙවර තරගාවලිය තුළ දී එතරම් දක්ෂතා අතර පැමිණීමට ව්ලියම්සන්ට හැකියාව ලැබුණේ නැහැ.

හයිද්‍රාබාද් කණ්ඩායම තරගාවලියේ Playoffs වටය සඳහා සුදුසුකම් ලබා ගතහොත් ඔහු නැවතත් ඉන්දියාවට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බව ද තොරතුරු වාර්තා වනවා.

අපේ කණ්ඩායමේ නායක කේන් ව්ලියම්සන් නැවතත් නවසීලන්තය බලා පිටත්ව යනවා, ඒ ඔහුගේ කැදැල්ලට අලුතින් එක්වන නව සාමාජිකයා පිළිගැනීම වෙනුවෙන්. අප කණ්ඩායමේ සියලුම දෙනා කේන් සහ ඔහුගේ බිරිඳට සුබ පැතුම් එක්කර සිටිනවා.”යනුවෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර තිබුණා.

මේ අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු ශිම්රන් හෙට්මයර් ද පසුගිය දා තරගාවලියෙන් ඉවත්වෙමින් බටහිර ඉන්දීය කොදෙව් දේශය බලා නික්මුනේ සිය බිරිඳගේ පළමු දරු ප්‍රසූතිය වෙනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12