IPL වාර්තා පිට වාර්තා බිඳ දැමූ කුවින්ටන් සහ රාහුල්ගේ ගිනිකෙළි සංදර්ශනය

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩකයෙක් මෙතක් වාර්තා කළ විශිෂ්ඨතම ඉනිම වාර්තා කරන්නට දකුණු අප්‍රිකානු ක්‍රීඩක කුවින්ටන් ඩී කොක් ඊයේ (18) සමත් වුණා.

ඒ, තරගාවලියේ ඊයේ රාත්‍රියේ ලක්නව් සුපර් ජයන්ට්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර තරගයේ දී නොදැවී ලකුණු 140ක් වාර්තා කරමින්.

පන්දු 70ක් තුළ වාර්තා කළ එම ලකුණු 140ට දැවැන්ත හයේ පහර 10ක් සහ හතරේ පහර 10ක් ඇතුළත් වුණා.

මෙම තරගයේ දී කොල්කටා නයිට් රයිඩර්ස් පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ කුවින්ටන් ඩී කොක් සහ ලෝකේශ් රාහුල්, ලක්නව් ලකුණු පුවරුව ලකුණු 210ක් දක්වා ඔසවා තැබුවා.

IPL තරග ඉතිහාසයේ ඉහළම ආරම්භක සබඳතාවය ලෙසට ඔවුන් දෙදෙනාගේ මෙම ආරම්භක කඩුල්ලේ සබඳතාවය වාර්තා අතරට එක වීම ද විශේෂත්වයක්.

මීට පෙර, IPL ඉතිහාසයේ ඉහළම ආරම්භක සබඳතාව වූයේ ඩේවිඩ් වෝනර් සහ ජොනී බෙයාර්ස්ටෝ 2019 වසරේ දී සන්රයිසස් හයිද්‍රබාද් පිළ වෙනුවෙන් රැස්කළ ලකුණු 185ක සබඳතාවයි.

ඊයේ පැවති තරගයෙන් තියුණු සටනකින් අනතුරුව ලකුණු දෙකකින් ජය ගන්නට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

මෙම ජයත් සමඟ ලක්නව් සුපර් ජයන්ට්ස් තරගාවලියේ සුපිරි 04 වටයට ද සුදුසුකම් ලැබීමට සමත් වූ අතර ගුජරාට් ටයිටන්ස් පිළ ද මේ වනවිට සුපිරි 04 වටයට සුදුසුකම් ලබා සිටිනවා.

තරගයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න..

https://www.iplt20.com/video/45586/m66-kkr-vs-lsg–match-highlights



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18