ඩිවිලියස් සහ ගේල් RCB සදාතනික විශිෂ්ඨයින් අතරට (ඡායාරූප)

දකුණු අප්‍රිකානු ප්‍රවේගකාරී පිතිකරු ඒ.බී. ඩිවිලියස් සහ බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සදාතනික විශිෂ්ඨයින් අතරට නම්කර තිබෙනවා.

බැංගලෝර් කණ්ඩායමේ හිමිකාරිත්වය විසින් මොවුන් මෙලෙස සදාතනික විශිෂ්ඨයින් ලෙස නම්කර ඇති අතර එම කණ්ඩායම විසින් පළමුවරට නම්කළ සදාතනික විශිෂ්ඨයින් මොවුන් දෙදෙනා වීම ද විශේෂත්වයක්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් වසර ගණනාවක් ක්‍රීඩකයින් ලෙස සිදුකළ සේවය ඇගයීම වෙනුවෙනුයි ඔවුන් මෙලෙස ඩිවිලියස් සහ ක්‍රිස් ගේල් සදාතනික විශිෂ්ඨයින් ලෙස නම් කිරීමට තීරණය කර ඇත්තේ.

ඒ, අනුව අවම වශයෙන් වසර 03ක පමණ කාලයක් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ, මේ වනවිට ජාත්‍යන්තර සහ අයි.පී.එල් විස්සයි විස්ස පිටියෙන් ඉවත්ව සිටින සහ RCB සන්නාමයට පිටියේ සහ ඉන් පිටත සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබීම වැනි කරුණු කිහිපයක් සදාතනික විශිෂ්ඨයින් තේරීමේ දී මොවුන් සැළකිල්ලට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?