මෙත්පල් මැතිඳු මිස්ටර් ක්ලීන් ට ලිපියකින් කියූ දේ ….

රට මුහුණදී සිටින ආර්ථික අර්බුදය විසඳීමට ආණ්ඩුව ගන්නා සියලූම නිවැරදි තීරණවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලැබෙන බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබුනා.

ඔහු ඒ බව සඳහන් කර තිබුනේ අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවමිනුයි. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අගමැතිවරයා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කලා.

මෙම හමුවෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ තනතුරු ලබා ගන්නේද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇත.
ඒ අතරම නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්විමක්ද අද උදෑසන 10.00 ට ආරම්භවීමට නියමිතයි.

මේ අතර පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ දහයේ එකමුතුවේ නියෝජිතයන්ට සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආරාධනා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?