තවත් කැබිනට් ඇමැති පිරිසක් අද පත්වෙති

කැබිනට් ඇමැතිවරුන් පිරිසක් අද (16දා) පත්වීමට නියමිත බව වාර්තා වනවා. පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යනුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නව කැබිනට් ඇමැතිවරු සිව්දෙනෙක් පෙරේදා (14 දා) පත්කරනු ලැබූවා.

මේ වනවිට අමාත්‍යවරුන් සිව්දෙනෙකු දිවුරුම් දී ඇති අතර වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ තවත් අමාත්‍යවරුන් 16 දෙනෙකු අද දිනයේ දිවුරුම් දෙනු ඇති බවටය.මෙවර කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ද ඇතුළුව  අමාත්‍යවරුන් 20 දෙනෙකුට සීමා වනු ඇති. ඒ අනුව අද සෙසු කැබිනට් ඇමැතිවරු පිරිස පත්වනු ඇතැයි ද වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?