අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක සහන මල්ලක්

පෙබරවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල ස්ථාවරව තබාගැනීම සඳහා ව්‍යාපාරිකයින් සමග ගිවිසුමකට එළඹ තිබෙනවා.

ඉදිරි මාස තුනක් සඳහා මෙම ගිවිසුම ක්‍රියාත්මක වන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියාසිටියේ.

ඒ අනුව රතු කැකුළු, සුදු කැකුළු, සුදු නාඩු, සම්බා, කීරි සම්බා , තිරුඟු පිටි, සුදු සීනි, දුඹුරු සීනි, තේ කොළ, රතු පරිප්පු, ලොකු ළූණු (ඉන්දියන්), දේශීය අර්තාපල් , කඩල සහ වියලි මිරිස්, මෙලෙස ස්ථාවර මිලක් යටතේ අලෙවි කරන භාණ්ඩවලට අයත් වනවා.  

මීට අමතරව දේශීය ටින් මාලු,  ආනයනික ටින් මාලු, හාල්මැස්සන් (තායි), සම සහිත කුකුල් මස්, ලුණුකැට, කිරි පිටි, සෝයා තෙල්, රෙදි සෝදන සබන්, සුවඳ සබන්, දෑත් සෝදන දියර, මුඛ ආවරණ  යන භාණ්ඩ වර්ග 27 ක මේ ඒ අනුව ස්ථාවර මිලකින් ඉදිරි මාස තුනක් සඳහා පවත්වාගෙන යන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

මෙම ගිවිසුමේ මිල ගණන් වෙනස් කළ හැක්කේ විනිමය අනුපාතය වෙනස් වුවහොත් හෝ මෙම භාණ්ඩ සඳහා රජය බදු අය කළහොත් පමණයි. මෙම භාණ්ඩ අලෙවි කරනු ලබන්නේ ලංකා සතොස, සමුපකාර සහ Q shop මගින් පමණක් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියාසිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?