දුක හිතෙන තැන් නැත්තෙම නෑ හැමදෙයක්ම දරාගෙන ශක්තිමත් විදියට ඉස්සරහට ආවා

දීර්ඝ කාලයක් තිස්සෙ තමන්ගෙ ජනප්‍රියත්වය හොඳ නම රැකගෙන ඉස්සරහට ගමනක් එන්න හැම රංගන ශිල්පිනියකටම බෑ.හැබැයි ඇය එහෙම කෙනෙක්.ලංකාවේ රංගන ක්ශේත්‍රයේ සිටින රංගන ශිල්පිනියන්ගෙන් ආදරණීයම කෙනෙක් තමයි ඇය.ඇය නමින් “නදීශා අලහප්පෙරුම”

නදීශා..ඔය ලස්සන හිනාවෙ රහස මොකක්ද?

මං හරි ආසයි හිනාවෙලා ඉන්න.කොච්චර ප්‍රශ්න ආවත් ඇඬුවා කියලා වැඩක් නෑ අපි ඒවට උත්තර හොයාගන්න ඕන.ඒ නිසා හැමවෙලේම හිනා වෙලා ඉන්න තමයි හදන්නෙ

ඉතිං කොහොමද ජීවිතේ?

ටිකක් කාර්ය බහුලයි.මගේ ජීවිතේ බබාලා හම්බුනාට පස්සෙ මම ගත කරන කාර්ය බහුලම කාලය තමයි මේක.ටෙලි නාට්‍ය කීපයක්ම විකාශය වෙනවා.රූගත කිරීම් එක්ක කාර්ය බහුල වෙලා ඉන්නෙ

පුරාවිද්‍යාඥවරියක් වෙන්න තිබ්බෙ හීනෙ නිළියක් වීමේ හීනෙකට පෙරලුනේ කොහොමද ?

මට හැඟීමක් දැනීමක් තිබ්බ කාලෙ ඉදන්ම මම ආස කලේ රංගන ශිල්පිනියක් වෙන්න.ඒත් අධ්‍යාපන කටයුතුත් එක්ක ඉතිහාසය විශය හදාරකොට මට ආසාවක් ඇති උනා පුරාවිද්‍යාඥවරියක් වෙන්න.අදටත් මම ඒකට ආසයි.ඒත් අන්තිමට ඉෂ්ට උනේ පුංචි කාලෙ හීනෙ..

ඔබ රංගනයෙන් දායක වුණු ඔබේ ජීවිතේ වෙනස් කරපු චරිතයක් චරිතයක් තියනවද?

ඔව,ජීවිතය ලස්සනයි ගායනාගෙ චරිතය.මොකද මම ගායනාගෙ චරිතයට ගොඩක් කැමතියි.ඒ චරිතෙ ඇතුළෙ මම අවුරුදු 03ක් ජීවත් උනා..

දැන් ක්ශේත්‍රයේ ඉන්න අලුත් අයට ඔවදනක් දෙන්න කිව්වොත් ඔබ මොකද කියන්නෙ?

නිහතමානී වෙන්න ඕන.මොකද අපි ගොඩක් පොඩි කාලයකට මේ ලෝකෙට ඇවිත් ඉන්නෙ.අපිට මේ හැමදේම තියෙන්නෙ පොඩි කාලයයි.මේ ක්ශේත්‍රයේ අපිට ඉන්න ලැබිලා තියෙන්නෙ අපේ වාසනාවකට.අපිට දෙයක් ලැබෙන්න ලැබෙන්න අපි ආඩම්බර නොවී නිහතමානී වෙන්න ඕන.

ඔබ හොඳ නමක් අරගෙන ඉදිරියටම ආව දක්ෂ නිළියක්.ආපස්සට හැරිලා බලනකොට මොකද හිතෙන්නෙ?

දීර්ඝ ගමනක්.දුක හිතෙන තැන් නැත්තෙම නෑ.හැමදෙයක්ම දරාගෙන ආදරණීයව ශක්තිමත් විදියට ඉස්සරහට ආවා.

කොහොමද gossip එකක් හදාගන්නෙ නැතුව හිටියෙ?

මම මේ ක්ශේත්‍රයට ගොඩාක් ආදරෙයි.මට ලැබෙන වැඩේ මම හරියට කරනවා.මම හැමවෙලේම මාව පරිස්සම් කරගත්තා.මම යාලුවො ආශ්‍රය කරන්නෙ හරිම සීමිත විදියට.හැබැයි මම හැමෝටම හරිම ආදරණීයයි.එහෙම තමයි මේ ගමන යන්නෙ.

සැමියා දරුවන්ගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

මගේ සැමියා අමිල.ඔහු ක්ශේත්‍රයට සම්බන්ධයි.ඔහුගෙන් ලැබෙන්නෙ ලොකු සහයෝගයක්.කවදාවත් මට රඟපාන්න එපා කිව්වෙ නෑ.දුවත් ආසයි මම රඟපානවට.දුවත් දැන් ක්ශේත්‍රයට සම්බන්ධයි.මගේ අම්මා තමයි බබාලා බලාගන්නෙ.මේ අය නැත්තං මට ක්ශේත්‍රයේ ඉස්සරහට යන්න වෙන්නෙ නෑ ඒ අය මට හයියක්.

මේ දවස් වල කැමතිම සිංදුව මොකක්ද?

මේ දවස් වල වැඩිපුරම ආස “ඩේලියා මලෙන් ” cover Song එකට..

කොහොමද ඉදිරි වැඩ කටයුතු?

කරගෙන යන වැඩ ඉස්සරහට විකාශය වෙන්න තියනවා.මගේ හීනයක් තියනවා කවි පොතක් එලිදක්වන්න.ඒකට මට වෙලාවක් තිබුණෙ නෑ.මම ලියපුවා පොතක් විදියට එලි දක්වන්න මම ආසයි.

සංවාදය – සචිනි සත්සරණි
Dasathalankanews.com



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති හමුවෙන්න ආ අමුත්තා - ජනපති හිනාවෙලා පිළිගත්ත හැටි
01:22
Video thumbnail
මාලිමාවේ සාගරිකා සහ තුෂාරි රටේ දැවෙන ප්‍රශ්නයට දුන් පිළිතුර - ජනතාව අපිට ජන වරමක් දුන්නා
04:39
Video thumbnail
බිමල්ගේ සැර කතාවෙන් විපක්ෂය හාන්සිවෙයි - CID එකේ ප්‍රධානියා පැලවත්තේ හිටපු කෙනෙක් නෙවෙයි
14:57
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ඡාව
01:24
Video thumbnail
CIDට තමන්ගෙ හෙංචයියෝ දාගෙන අපිට යන්නලු..ලැජ්ජයිනේ - ලක්මාලිට කට උත්තර නැතිකල විපක්ෂය
06:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
07:35:02
Video thumbnail
ප්‍රසාද් සර් නැගිටලා ආණ්ඩුවට රිදෙන්න දෙයි - මහින්දත් ගෙදර ගියා නම් අනුර යන එක සිම්පල්
09:37
Video thumbnail
ඔන්න ඕක පහළට දාන්නකෝ..ඕවා ගන්න එපා - අකිල වෙනුවෙන් ආ ප්‍රබලයෝ කිව්ව දේ
01:37
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි
01:13