AFC Banner
Empty Ad
Empty Ad

බන්ධනාගාර රැඳවියන් 58ක් අතුරුදන්

වටරැක බන්ධනාගාරයේ රැඳවියන් 58 දෙනෙකු අතුරුදහන් වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙලෙස අතුරුදන්ව ඇත්තේ කොළඹ වැඩබිම්වල සේවය කර යළි එම බන්ධනාගාරයට වෙත පැමිණෙමින් සිටි රැඳවියන් පිරිසක් බවයි.

කොළඹ සහ විවිධ ප්‍රදේශවල වැඩබිම්වල රැඳවියන් 181ක් සේවයේ යොදවා තිබූ බවයි වාර්තා වන්නේ.

ඔවුන් නැවත වටරැක බන්ධනාගාරයට රැගෙන යන අවස්ථාවේ දී මාලඹේ, තලාහේන ප්‍රදේශයේදී විරෝධතාකරුවන්ට කොටු වී ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?