විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (10) මහ බැංකු අධිපතිවරයා සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා හමුවී තිබෙනවා.
වත්මන් ජාතික අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා තම පක්ෂය සැමවිටම නොමඳ සහයෝගය ලබාදෙන බව විපක්ෂ නායකවරයා මෙහිදී පවසා තිබෙනවා.












