අඛණ්ඩ වැඩ වර්ජනයක් – සේවාවන් රැසක් අකර්මන්‍යයි

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අද (10) දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු සියලු රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

එම සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ප්‍රචණ්ඩත්වයට අනුබල දැක්වීම පිළිබදව රජය වෙත දැඩි අප්‍රසාදය පළකිරීම සඳහා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ද ඊයේ (09) මධ්‍යම රාත්‍රී සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

මේ අතර අද (10) දිනයේ සිට සමස්ත සෞඛ්‍ය සේවාවම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවාවේ අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි සෞඛ්‍ය සංගම් සඳහන් කළේ.

එමෙන්ම විදුලි වෘත්තීය සමිති ද අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටින බව විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් සඳහන් කළා.

මේ අතර ගුරු විදුහල්පති වෘත්තීය සමිති ද වැඩ වර්ජනයක නිරත වී සිටින බව ලංකා ගුරු සංගමය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12