දෙයියන්ගේ හාල් කැවිලා ද කියා හිතෙන පාලන මිල

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සාමාන්‍ය වෙළඳපලේ ඇති මිලගනන් වලටත් වඩා රුපියල් දහයක් වැඩියෙන් පාලන මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් පත්‍රයට පාරිභෝගික ජනතාව විසින් දැඩි විරෝධයක් එල්ල කරනවා.

දේශීය සුදු, රතු නාඩු, සුදු, රතු සම්බා සහ කීරි සම්බා යන වර්ග වලට මෙසේ උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අදාල ගැසට්පත්‍රය් නිකුත් කර තිබුනා.

වෙළඳපලේ තිබෙන මුදලට වඩා ගැසට් පතෙන් මිල ලකුණුකොට ඇති බැවින් වෙළඳුන් එම මිලට සහල් අලෙවි කිරීමට ගන්නා බව සහ එමගින් සමස්ථ පාරිභෝගික ප්‍රජාවම අපසුතාවයට පත්වන බවත් ඔවුන් පෙනවා දෙනවා.

මේ මොහොත වන විට සුදු, රතු නාඩු කිලෝවක මිල රුපියල් 210ක් ද, සුදු රතු සම්බා කිලෝවක මිල රුපියල් 220ක් ද, කීරි සම්බා කිලෝවක මිල රුපියල් 250ක් ද යනාදී වශයෙන් සාමාන්‍ය සිල්ලර වෙළඳපලේ අලෙවි වනවා.
මෙම ගැසට්ටුව මගින් එම වර්ග වල නව මිල වශයෙන් සුදු, රතු නාඩු කිලෝවක් සඳහා රුපියල් 220ක් ද සුදු රතු සම්බා කිලෝවක් සඳහා රුපියල් 230ක් ද, කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 260ක් ද යනාදී වශයෙන් උපරිම සිල්ලර නියමකොට තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එයා සාම දූතයනේ - විමල් වීරවංශගෙන් සැර හින්ට් එකක්
05:33
Video thumbnail
පෙර පාසල් ගුරුවරුන්ගේ ඩාන්ස් බලන්න ගිය කොට්ටහච්චි..අමුතු හිනාවකුත් දාලා අත්පුඩි ග#න හැටි
01:37
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව මැදිහත් වුණේ නෑ
06:46
Video thumbnail
ලංකාව මැච් ෆික්සින් කරලා..? ආන්දෝලනාතමක් හෙළිදරව්වක්
10:01
Video thumbnail
විමල්ට නහුතෙටම තදවෙයි..ජනපති අනුර ජොගින් යන්නේ සලේ නිසා
08:26
Video thumbnail
ජයටම කරගෙන ගිය කසිප්පු ජාවාරම පොලිසියට කොටුවෙයි
01:13
Video thumbnail
සලේගේ සිද්ධිය ගැන රංජන් - ශානිගේ හඬ පටයක් ලීක් වෙයි..මේක ත්‍ර#තයින්ගේ හබ් එකක් වෙලා
20:51
Video thumbnail
මුජිබුර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම අමතයි
15:00
Video thumbnail
ලෝක කුසලානයෙන් එළියට ගිය වනිඳු තලවතුගොඩින් මතුවෙයි
03:31
Video thumbnail
බල ගල් අඟුරු කියන්නේ විපක්ෂය හදපු කතන්දරයක්
07:06


?