පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සාමාන්‍ය වෙළඳපලේ ඇති මිලගනන් වලටත් වඩා රුපියල් දහයක් වැඩියෙන් පාලන මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් පත්‍රයට පාරිභෝගික ජනතාව විසින් දැඩි විරෝධයක් එල්ල කරනවා.
දේශීය සුදු, රතු නාඩු, සුදු, රතු සම්බා සහ කීරි සම්බා යන වර්ග වලට මෙසේ උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අදාල ගැසට්පත්‍රය් නිකුත් කර තිබුනා.
වෙළඳපලේ තිබෙන මුදලට වඩා ගැසට් පතෙන් මිල ලකුණුකොට ඇති බැවින් වෙළඳුන් එම මිලට සහල් අලෙවි කිරීමට ගන්නා බව සහ එමගින් සමස්ථ පාරිභෝගික ප්‍රජාවම අපසුතාවයට පත්වන බවත් ඔවුන් පෙනවා දෙනවා.
මේ මොහොත වන විට සුදු, රතු නාඩු කිලෝවක මිල රුපියල් 210ක් ද, සුදු රතු සම්බා කිලෝවක මිල රුපියල් 220ක් ද, කීරි සම්බා කිලෝවක මිල රුපියල් 250ක් ද යනාදී වශයෙන් සාමාන්‍ය සිල්ලර වෙළඳපලේ අලෙවි වනවා.
මෙම ගැසට්ටුව මගින් එම වර්ග වල නව මිල වශයෙන් සුදු, රතු නාඩු කිලෝවක් සඳහා රුපියල් 220ක් ද සුදු රතු සම්බා කිලෝවක් සඳහා රුපියල් 230ක් ද, කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 260ක් ද යනාදී වශයෙන් උපරිම සිල්ලර නියමකොට තිබෙනවා.














