ඊයේ දිනයේ වත්මන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දේශපාලනඥයින් සිදුකළ බව කියන දූෂිත ගනුදෙනු රැසක් ජනතා විමුක්ති පෙරමුණ සහ දූෂණ විරෝධි හඬ සංවිධානය විසින් මාධ්‍යයට අනාවරණය කරණු ලැබුවා.
එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාටත් චෝදනාවක් එල්ල කරා.
එම චෝදනාව වන්නේ නිසි අනුමැතියකින් තොරව, “එක්සත් ජනපද සී.අයි.ඒ නියෝජිතයෙකු” වන ඉමාද් සුබේරි තැනැත්තාට ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් 2014 වසරේ දී ගෙවා ඇති බවට සිදු කළ චෝදනාවය.
කෙසේවෙතත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දෙන්නේ 2014 වසරේදී මහ බැංකුව විසින් මෙම ගෙවීම් සිදුකර ඇත්තේ රජයේ ලිඛිත සහ නිල උපදෙස් මත බවය.ඇමරිකානු එක්සත් ජනපදයේ සිදු කරන ලද විවිධ ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් එවකට රජය විසින් මෙම ගෙවීම සිදුකර ඇති බව ඔහු වැඩි දුරටත් කරුණු දක්වමින් සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා එල්ල කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට කබ්රාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.














