බටහිර පර්යන්තය පිළිබඳ වි⁣⁣ශේෂ තීරණයක්..

කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියානු රජය සමග සංවර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට අද(01) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්පූර්ණයෙන්ම වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලය තීරණය කළ අවස්ථාවේදීම මෙම තීරණය ද ගත් බව විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ ය.

වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා

විශේෂයෙන්ම මීට පෙර මම ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවෙන් අනුමැතිය ලැබුණේ කැබිනට් මණ්ඩලය විසින් මේ සම්බන්ධයෙන් ඉන්දියානු රජය විසින් නම් කරන සමාගමක් සමග සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කරන්න. කැන්ක් එකක්. ඒ සම්මුති කමිටුව පිහිටුවලා ඒ අය විසින් ඒ අදාළ සමාගම සමග සාකච්ඡා කළා. ඒ සාකච්ඡා කළෙත් අපේ පර්යන්තය විකිණීමක්වත් බදු දීමක්වත් නෙවෙයි. ආයෝජනය කරලා හවුල් සමාගමක් විදියට යාමට. නමුත් අපේ කැන්ක් එකේ ඉදිරිපත් කරපු සාමාජිකයින් ඉදිරිපත් කරපු කොන්දේසිවලට කිසිසේත්ම ඒ අය එකඟ නොවන තත්ත්වයක් අපිට පැහැදිලිව පෙනුණා. ඒ නිසා ඒ කැන්ක් එක මට ඉදිරිපත් කරපු වාර්තාව අනුව මම ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමග සාකච්ඡා කරලා අපි තීන්චදුවක් ගත්තා නැගෙනහිර පර්යන්තය සියයට සියයක්ම වරාය අධිකාරිය හැටියට ක්‍රියාත්මක කරන්න. අද ඒ කැබිනට් පත්‍රිකාව මම ඉදිරිපත් කළාම ඒ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවුණා. බටහිර පර්යන්තයත් සමගාමීව පටන් ගන්නවා ඒ නිසා අපි ඒ බටහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියන් රජයත් සමග සාකච්ඡා කරලා ඒ සම්බන්ධයෙනුත් කැන්ක් එකක් පත් කළා ආයෝජකයෙක් ගෙනල්ලා ආයෝජකයෙක් එක්ක ඉදිරියට යාමට අවශ්‍ය පියවර ගැනීම සඳහා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38