ඩොලර් මිලියන 4.8ක ඇඳුමක් ඇදි කිම් කාර්ඩේෂියන්

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ඊයේ පැවති Met Gala සාදයට සහභාගි වූ කිම් කාර්ඩේෂියන් එහි වඩාත් කැපී පෙනෙන තාරකාව බවට පත් වූවා. ඒ ඇය ඇඳ සිටි ගවුම නිසා. 1962 වසරේ දී ලොව මෙතෙක් බිහිවූ සරාගීම කාන්තාව ලෙස හැඳින්වූ සුපිරි නිළි මැරිලින් මොන්රො විසින් අඳින ලද ගවුමක් කිම් මෙහිදී ඇඳ සිටියා.

1962 වසරේ ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි විසින් නිව්යෝක් හි Madison Square Gardens හි සංවිධානය කළ උත්සවයකට මෙම ගවුම ඇඳි මැරිලින් සහභාගි වූ අතර වේදිකාවේදී ඇය කෙන්ඩි ජනාධිපතිවරයාට Happy Birthday Mr. President ලෙස ගායනාකරමින් සුභ පැතුවා. මෙම සුභ පැතුම සැළකෙන්නේ ලොව සරාගීම උපන්දින සුභ පැතුම ලෙසයි. එය ඉතිහාසයේ සුවිශේෂී සටහනක් ලෙසද හඳුන්වනු ලබනවා.

මැරිලින් ගේ අභාවයෙන් පසුව මෙම ගවුම සංරක්ෂණය කර තිබුණු අතර 2016 දී ඇමරිකානු ඩොලර් මිලියන 4.8කට වෙන්දේසි වූ එය මිලදී ගත්තේ ෆ්ලොරිඩාවේ සුප්‍රකට Ripley’s Believe It or Not නම් වෙන්දේසි සමාගමයි. ඒ අනුම ලොව වැඩිම මිලකට වෙන්දේසි වූ ඇඳුම ලෙස මෙම මහාර්ඝ ගවුම සැළකෙනවා. මෙම ඇඳුම එම සමාගමේ උෂ්ණත්වය පාලනය කළ විශේෂ කුටියක ප්‍රදර්ශනය කර ඇති අතර කිම් ට ලබා දෙනු පිණිස එය පෞද්ගලික ජෙට් යානයක් මගින් අධි ආරක්ෂාව සහිතව කැලිෆෝනියාවේ කිම්ගේ නිවසට ප්‍රවාහනය කොට තිබෙනවා.

1962 දී ජීන් ලුවිස් විසින් මෙම ගවුම නිර්මාණය කර ඇති අතර අතින් ඇල්ලූ ක්‍රිස්ටල් කොටස් 6000ක් ඊට ඔබ්බවා තිබෙනවා. තම ශරීරය මෙම ඇඳුමට ගැලපීම සඳහා කිම් මසක් තුළ කිලෝ 7කින් බර අඩු කර ගත් බවද සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53
Video thumbnail
අත තියන්නවත් බැරි අයට නීතියෙන් අත තිබ්බා - අපිට මේ Attack කරන්නේ වැඩේ හොඳට යන නිසා
06:35
Video thumbnail
ජනපති හමුවෙන්න ආ අමුත්තා - ජනපති හිනාවෙලා පිළිගත්ත හැටි
01:22
Video thumbnail
මාලිමාවේ සාගරිකා සහ තුෂාරි රටේ දැවෙන ප්‍රශ්නයට දුන් පිළිතුර - ජනතාව අපිට ජන වරමක් දුන්නා
04:39
Video thumbnail
බිමල්ගේ සැර කතාවෙන් විපක්ෂය හාන්සිවෙයි - CID එකේ ප්‍රධානියා පැලවත්තේ හිටපු කෙනෙක් නෙවෙයි
14:57
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ඡාව
01:24
Video thumbnail
CIDට තමන්ගෙ හෙංචයියෝ දාගෙන අපිට යන්නලු..ලැජ්ජයිනේ - ලක්මාලිට කට උත්තර නැතිකල විපක්ෂය
06:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
07:35:02