අන්තර්වාර පාලනය ගැන තීරණාත්මක සාකච්ඡාව අද

අන්තර්වාර පාලනයක් සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්ඡාවක් අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවත්වීමට කටයුතු සූදානම්ව තිබෙනවා.

එම සාකච්චාව පැවත්වීමට සූදානම් වන්නේ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් හා ආණ්ඩුවේ සිට මෑතකදී ස්වාධීනවූ මන්ත්‍රීවරුන් කණ්ඩායම සමගයි.

ආණ්ඩුවේ සිට මෑතකදී ස්වාධීනවූ මන්ත්‍රීවරුන් කණ්ඩායම විසින් අන්තර්වාර පාලනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවලියද මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිතයි.