ජනපතිගේ මැයි දින පණිවුඩය මෙන්න…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සියලු දේශපාලන පක්ෂ නායකයින්ට යළිත් ආරාධනයක් කරමින් කියා සිටියේ රට මුහුණ දී සිටින අභියෝගය ජය ගැනීම සඳහා ජනතාව වෙනුවෙන් පොදු එකඟතාවකට පැමිණ රට වැටි ඇති අසීරු තාවයෙන් ගොඩ ඒමට සහය දෙන ලෙසයි.

ලෝක කම්කරු දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියා.

සම්පූර්ණ පණිවුඩය පහතින්

ජනාධිපතිතුමාගේ මැයි දින පණිවුඩය

ජාත්‍යන්තර කම්කරු දිනය එළැඹ ඇත්තේ ලෝකයේ කම්කරු ප්‍රජාව දැවැන්ත ම අභියෝගයට ලක් ව සිටින අවස්ථාවක ය.

අපේ රටේ පසුගිය වසර තුන තුළ වඩාත් අභියෝගයට ලක් වූයේ ද කම්කරු ප්‍රජාව ය. ඒ සෑම අභියෝගයක් හමුවේ නො සැලී සියල්ල විඳ දරා ගනිමින්, ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කැප වූවෝ ද ඔවුහු ම ය. ඔවුන් හමුවේ දිනෙන් දින එල්ල වන බලපෑම් වර්තමානයේ වඩාත් තීව්‍ර ය. ඉන් ජනතාව මුදා ගැනීමට සහ පවතින පීඩාකාරී ස්වභාවය අවම කර ගැනීම සඳහා රජයක් වශයෙන් අප විවිධ එළැඹුම්වලට යොමු වෙමින් සිටියි.

විදේශ විනිමය හිඟ වීම නිසා නිර්මාණය වූ ගැටලු රාශියකි. ඒ සියල්ල කළමනාකරණය කිරීම වත්මන් ගැටලු සමනය කර ගැනීමට ඇති මඟ ය.

පැන නැගුණ අයහපත් තත්ත්වය කවුරුන් විසින් සිදු කළේ ද යන්න පිළිබඳ පසු විපරම් කරනු වෙනුවට මේ මොහොතේ අප කළ යුතු වනුයේ ජනතාවට කඩිනමින් සහන සැලසිය හැකි වැඩපිළිවෙළ කුමක්ද යන්න පිළිබඳ අවධානය යොමු කිරීම ය. එසේ ම වඩාත් උචිත, කාර්යක්ෂම, වැඩපිළිවෙළකට ගොස් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම ය.

රාජ්‍ය නායකයා වශයෙන් ජනතාවගේ පාර්ශ්වයේ සිට මා සියලු ම දේශපාලන පක්ෂවල නායකයන්ට එක් ව කටයුතු කිරීමට ආරාධනා කළේ මෙරටේ ජනතාවට වඩාත් යහපත් අනාගතයක් උදා කිරීමේ වගකීම දරමිනි. සෑම තත්පරය ම ජනතාවගේ පීඩාව අවම කිරීම සඳහා විසඳුම් දිය හැකි ක්‍රමවේදයන්ට පිවිස, පවතින අර්බුදවලට විසඳුම් සෙවීම අපගේ ඉලක්කයයි.

මෙවර කම්කරු දිනයේදී සියලු දෙනා එක් ව, පවතින අභියෝගය ජය ගැනීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණීමට සියලු දේශපාලන පක්ෂ නායකයන්ට මම නැවතත් ආරාධනය කරමි.

වැඩ කරන ජනතාව වෙනුවෙන් දේශපාලනය පසෙක තබා අරගලය ජනහිතකාමී විප්ලවීය පරිවර්තනයක් සහිත සුබ දිශානතියකට යොමු කිරීමට එක් වන ලෙසත් කම්කරු ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

ගෝලීය ශ්‍රම බලවතුන් වන කම්කරු සහෝදරත්වය, මූර්තිමත් කරන ලෝක කම්කරු දින සැමරුම සඳහා මා ඔබ සමඟ එක් වන්නේ එකී අපේක්ෂා සමඟ ය.

ගෝඨාභය රාජපක්ෂ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය කපිලගේ පශ්චාත් ම#ණ පරීක්ෂණ ඇරඹෙයි..අරවින්ද ද සිල්වාත් ඇවිත්
01:11
Video thumbnail
18.2%කින් ආයේ විදුලි බිල වැඩි කරන්න යන්නේ ?..විදුලි බිල මාසෙන් මාසෙට වැඩි කරනවා
02:58
Video thumbnail
Kasthirama | රටම කැළඹු හෙළිදරව්ව සිදුකළ “Free Lawyers සංවිධානය සමඟ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:02:21
Video thumbnail
දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි..අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක්
04:14
Video thumbnail
නාමල් - මහින්ද යුගයක් 2029 දී අපි හදනවා..කෝ මාර වැඩක්නේ..ගෙනාපු නැති බඩුවකට අල්ලස් දීලාලු
02:58
Video thumbnail
මාලිමාවේ අය රැස්වීමක් කළොත් ලොකු අවුලක්..මුන් බොරු කියන විදියට - අකුණුත් ගහනවා
01:29
Video thumbnail
"දෙයියනේ..වතුර ගහලා"අධික වර්ෂාවෙන් වැල්ලවායේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:24
Video thumbnail
පොහොර ප්‍රවාහනය කල ටිපර් රථයක් ගසක අත්තක ගැටී පෙරලෙයි..පොහොර මලු ඔක්කොම පාර පුරා
01:19
Video thumbnail
එයාද නඩු තීන්දු දෙන්නෙ ? හැකර් තමා එයා..කෙඳිරිගාලා හරියන්නේ නෑ..නාමල් සැරටම කිව්ව දේ
04:50
Video thumbnail
නාමල් මහ වැස්සේ තෙමීගෙන දොම්පෙට ගිය හැටි..පස් පව්වලින් වැලකෙන අපේ නායකයා..ජය
02:08