AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ගැන රජය ගත් තීරණය සම්බන්ධයෙන් ඉන්දියාවෙන් සැර ප්‍රතිචාරයක්

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් දැනට පවතින එකඟතාවය අනුව සියලු පාර්ශ්වයන් කටයුතු කළ යුතු බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

එහි ප්‍රකාශකයෙක් එසේ පැවසුවේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය 100% වරාය අධිකාරිය මගින් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය සම්බන්ධයෙන් කළ විමසීමට ප්‍රතිචාර වශයෙනි.

“ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය 2019 මැයි මාසයේදී එළැඹි ත්‍රයිපාර්ශ්වික එකඟතාව අනුව එම රටවල්වල සහභාගීත්වයෙන් නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම කඩිනමින් ක්‍රියාත්මක වනු ඇතැයි යන්න ඉන්දීය රජයේ බලාපොරොත්තුව වේ. ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම නොයෙක්වර අපහට දන්වා තිබේ. ඒ බව නායක මට්ටමින්ද දන්වා ඇත. එසේම මීට මාස තුනකට ඉහත දී ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය ද විදෙස් ආයෝජකයින් සමග එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණයක් ගත්තේය,” යනුවෙන් ද ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?