රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායකට එරෙහිව TNA නඩු මගට

මුලතිව්, කුරුන්තූර්මලෙයි පුරාවිද්‍යා භූමිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

එමෙන් ම, එම භූමිය සම්බන්ධයෙන් මේ වන විටත් නිකුත් කර ඇති අධිකරණ නියෝගයකට අපහාස වන ආකාරයෙන් කටයුතු කර ඇති බවට චෝදනා නගමින් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා හා තවත් පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ඔවුන්ට විරුද්ධව අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් ගොනු කිරීමට ද නියමිතය.

මෙම නඩු වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා පෙනී සිටීමට නියමිතය.

කුරුන්තූර්මලෙයි පූජා භූමියේ තිබුණු හින්දු ආගමික සලකුණ විනාශ කර දැමීම සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන තුරෙයිරාසා රවිහරන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී චින්නරාසා ලෝගේෂ්වරන් යන මහත්වරු සුමන්තිරන් මහතා හමුවී සාකච්ඡා කළහ.

පසුව එම ප්‍රදේශය හා භූමිය සම්බන්ධයෙන් වන තොරතුරු හා ලේඛන සුමන්තිරන් මහතා වෙත භාරදීමට ඔවුන් කටයුතු කර තිබිණි.

කුරුන්තූර්මලෙයි ප්‍රදේශයේ හින්දු ආගමික බැතිමතුන් විසින් පුද පූජා පැවැත්වූ ස්ථානයක් බව ද එම ස්ථානයේ ත්‍රිශූල ඇතුළු සලකුණු විනාශ කර ඇති බව ද සඳහන් කරමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. ශ්‍රීධරන් හා චාලස් නිර්මලනාදන් යන මන්ත්‍රීවරුන් දැනටමත් මුලතිව් පොලිසියට ඒ පිළිබඳව පැමිණිලි කර තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ සඳහන් කරන්නේ, මෙම ස්ථානය සම්බන්ධයෙන් දැනටමත් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් ඇති බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් එම නියෝගයට පටහැනිව කටයුතු කර ඇති බැවින් ඔවුන්ගේ එම ක්‍රියාමාර්ගයන්ට විරුද්ධව අභියාචනාධිකරණයේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16