ඒ නිසාම මම රංගනයෙන් ඈත් වෙන්න හිතුවා – නිපු­නිකා හේවා­ග­මගේ

අලුත් ජීවිතේ හරිම ආදරයෙන් සැහැල්ලුවෙන් ගෙවනවා. හිතාගෙන හිටියා වගේම ලස්සනට අපේ විවාහ උත්සවයත් සමරන්න පුළුවන් වුණා.

ඒ ලස්සන ජීවිතේ හිමිකාරයා ගැනත් කියමු නේද?

ලහිරුගේ නංගිගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් ගීතයක් කරලා තිබුණා. ඒ වැඩවලදි තමයි මට ලහිරුව මුණ ගැහුණේ. අවුරුද්දක විතර සම්බන්ධයකින් පස්සේ අපි විවාහ වෙන්න තීරණය කළා.

එතරම් ඉක්මණින් ඔහු තමයි ජීවන සහකරුවා කියලා තීරණය කරන්න පුළුවන් වුණාද?

අපි යාළු වෙලා ටික කාලෙකින් තමයි රටේ කොවිඩ් ප්‍රශ්නය ආවේ. අපි නිතර කතා බහ කළා. අදහස් බෙදා ගත්තා. වැඩිපුර කතාබහ දුරකථනයෙන් තමයි. මුලින්ම කතා කරද්දි තේරුණා ඔහු ගොඩක් හොඳයි කියලා. ඔහුගේ පවුලේ අයත් ඔහු වගේම හරිම හොඳයි. අපි අපිව හරියට හඳුනා ගත්තාට පස්සේ හිතුණා විවාහය කල් දාන්න ඕනේ නැහැ කියලා.

ලහිරුගේ තිබුණු විශේෂත්වය කුමක්ද?

ඔහුට අකැමැති වෙන්න පොඩි කාරණයක්වත් මට තිබ්බේ නැහැ. ලහිරුට හරිම ලස්සන හදවතක් තියෙනවා. සරලව ජීවත් වෙන අහිංසක කෙනෙක්. ඔහුගේ පවුලේ අය ගැන හිතන තරමටම මං ගැන හිතනවා. මට ආදරය රැකවරණය දෙන්න පුළුවන් හොඳම කෙනා ලහිරු වග මට මුල් දවසෙම දැනුණා. මගේ ජීවිතේ හොඳම තෝරාගැනීම ඔහු.

ඔය ආදර කතාවට බාධා තිබුණේ නැද්ද?

බාධාවක් එන්න කාරණයක් තිබ්බේ නැහැ. ඒ ගැන සතුටුයි. ලහිරුගේ පවුලේ අය විවෘතව හිතන පතන හොඳ අවබෝධයක් තියෙන අය. අපේ සම්බන්ධය ගැන මවුපියන්ට කිව්වට පස්සේ හරිම පිළිවෙලට හැමදේම වුණා. ලහිරුට හැමදේම පිළිවෙලකට කරන්න ඕනකම තිබ්බා.

නිපුනිකා නිළියක් යන කාරණය ලහිරු භාර ගත්තේ කොහොමද?

ඔහු මාව දැක්කේ රංගන ශිල්පිනියක් විදිහට නෙමෙයි. මම රංගන ශිල්පිනියක් වීම ඔහුට ප්‍රශ්නයක් වුණේ නැහැ.

විවාහය උත්සවය යොදාගෙන හිටපු දවසේ කරන්න බැරි වීමත් හොඳට හිටියා නේද?

අපේ විවාහ මංගල උත්සවය ගන්න දවස් පහක් තියෙද්දි තමයි බස්නාහිර පළාතට ඇදිරි නීතිය දැම්මේ. අපි අන්තිම මොහොත වෙනකල්ම පෝරුවේ චාරිත්‍ර හරි කරනවද කිය කිය හිතමින් හිටියේ. නමුත් විවාහ උත්සවයකට සහභාගී විය හැකි සංඛ්‍යාව 50කට සීමා කළ පසු අපි තීරණය කළා උත්සවය කල් දාන්න.

පෝරුවේ චාරිත්‍ර යොදා ගත්තේ ජනවාරි 17 වැනිදා. අපි ආස කරපු විදිහට සැලසුම් කරපු විදිහට විවාහ උත්සවයත් ගන්න පුළුවන් වුණා. ලහිරු තමයි ඒ හැමදේම සැලසුම් කළේ. මාව ලස්සනට හැඩ ගැන්වුවේ හර්ෂණ කසුන් සේනානායක.

විවාහය දවසේම ලහිරු ඔබව පුදුම කළා කියලත් ආරංචියි?

ලහිරු මං වෙනුවෙන් ගීතයක් රචනා කර සංගීතවත් කර උත්සවය දවසේ ගායනා කළා. මට පුදුම හිතුණා ඔහු මට හොරෙන් කොහොමද සිංදුව කළේ කියලා.

විවාහයෙන් පස්සේ නිපුනිකාගේ ජීවිතේ වෙනස් වේවිද ?

විවාහ වුණා කියලා අපි දෙන්නට ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. මගේ අම්මා තාත්තා වගේමයි ලහිරුගේ මවුපියොත්. ගෙදර වෙනස් වුණා විතරයි. ජීවත් වෙන්න තියෙන පරිසරය හරිම නිදහස්. මම ගෙදරින් ගියාට අම්මයි තාත්තයි දුකක් නැතුව ඉන්නෙත් මම ගෙදර හිටියා වගේම සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙනවා කියලා දන්න නිසා.

විවාහයෙන් පස්සේ රංගනය ගැනත් යම් තීරණ ගත්තා නේද?

මගේ ජීවිතේ නොයෙක් කාලවල සැලසුම් කළ දේවල් ඒ විදිහට මම ඉටු කරගත්තා. විවාහ වුණාට පස්සේ මම පවුල් ජීවිතේට මුල් තැන දෙන්න ඕනේ කියලා හිතුවා. ඒ නිසා මම රංගනයෙන් ඈත් වෙන්න හිතුවා. දැනට මගේ පොඩි ව්‍යාපාර කටයුත්තක් තියෙනවා. ඉදිරියෙදි ඒක වැඩි දියුණු කරගන්න අදහසක් තියෙනවා.

රංගනයෙන් ඉවත් වීමේ තීරණය ඔබේම තීරණයක් ද?

ලහිරු මගේ කිසිම දේකට බලපෑම් කරන්නෙ නැහැ. නීති දාන්නෙත් නැහැ. ඒ නිසා මට ඔහු එක්ක ජීවත් වීම පහසුයි. මට මේ ක්ෂේත්‍රය නිසා බොහෝ දෙනාගේ ආදරය ගෞරවය ලැබුණා. ඒකට ස්තූතිවන්ත වෙනවා. ජීවිතයේ සමහර තීරණ මම කැමැත්තෙන් ගන්තේ. මම ලහිරුට ගොඩක් ආදරෙයි. වෘත්තියට වඩා හොඳ බිරියක් ගෘහණියක් වෙන්න රංගනය අතහරින්න මම තීරණය කළා.

රංගනය අත්හැරියා කියලා හොඳ බිරියක් වෙන්න පුළුවන්ද ?

මට සාමාන්‍යයෙන් ඉක්මනින් කේන්ති යනවා. හැබැයි ඉක්මනින් කේන්ති නිවෙනවා. ලහිරු කියනවා දැන් මම කේන්ති ගන්නෙත් නැ කියලා. මම ඔහුට කිව්වේ මම ලෝකෙ හොඳම බිරිය වේවි කියලා.

මවුපිය සිහිනය ඉක්මනින් සැබෑ වේවිද?

මගේ ජීවිතේ හැමදේම හොඳ විදිහට සිද්ධ වුණා. මවක් වීමත් හරි වෙලාවට සිද්ධ වෙයි කියලා හිතනවා.

මොනවද දෙන්නගේ ඉදිරි සැලසුම්?

ලහිරුගේ ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒ ව්‍යාපාරය වගේම මගේ ව්‍යාපාරයත් දියුණු කරන් සතුටින් ජීවත් වෙන්නයි අපි උත්සාහ කරන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

රසඳුන



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36