ටිං ටිං කැබිනට් මණ්ඩලයට ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බෑ

පාර්ලිමේන්තුවේ 113ක බහුතරය අහිමි වී තිබෙන මෙම අවස්ථාවේ සිය පවුල වෙනුවෙන් බලය රැක ගැනීමට කටයුතු නොකර මහින්ද රාජපක්ෂ මහතා අනිවාර්යෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

එසේ සිදු නොකරන්නේ නම් ඔහුව ජනතාව විසින් කුණු කූඩයට දැමීම වැළැක්විය නොහැකි බව අද (26දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

“මේ ආණ්ඩුව තුනෙන් දෙකේ බලය තියාගෙන තමයි පසුගිය අවුරුදු දෙකක කාලයක් තිස්සේ රටට අහිතකර තීන්දු සියල්ල ගත්තේ, රට අගාදයට දැම්මේ, ඒ වගේම ජනතාව කබලෙන් ලිපට දැම්මේ. ඒ නිසාම තමයි ජනතාවගේ පීඩනය එළියට ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුළු සියලු රාජපක්ෂවරුන්ට ගෙදර යන්න කියලා ඔවුන්ට ඡන්දය දුන්නු ජනතාවත්, නොදුන්න ජනතාවත් දෙගොල්ලන්ම කියන්නේ.

ඒ අනුව අද තුනෙන් දෙකක් නැති වෙලා තිබෙනවා විතරක් නෙවෙයි 113ත් අහිමිවෙලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන මහින්ද රාජපක්ෂ අගමැතිතුමා අනිවාර්යෙන්ම දැන් ඉවත් වෙන්න ඕන. එතුමා හිතනවා නම් එතුමා ඉවත් වෙන්නේ නැතිව බලෙන් අල්ලන් ඉන්නවා කියලා එතුමාව ජනතාව කුණු කූඩයට දාන එක වළක්වන්න ලැබෙන්නේ නෑ.

පැහැදිලිවම කිව්වොත් 03වැනිදා පාර්ලිමේන්තුව රැස්වෙනකොට නියෝජ්‍ය කථානායකවරයෙක් පත්කරගත යුතුයි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ කඳවුරේ කෙනෙක්ව එතනට දාන්න බෑ 113 නැති නිසා. අපි මහින්ද රාජපක්ෂ මහත්මයාට කියන්න කැමතියි ගෝඨාභය රාජපක්ෂ යන්න ඕන, ඊට කලින් පාර්ලිමේන්තුවේ 113 නැතිවෙලා තිබෙන වෙලාවේ ඔබතුමා මේ පුටුවෙන් ඉවත් වෙන්න ඕන.

ඒ වගේම ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕන. ළාමක ටිං ටිං කැබිනට් මණ්ඩලයට මේ රටේ තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමේ කිසිදු හැකියාවක් නැහැ. ඒ නිසා ජනවරමට ගරු කරනවා නම්, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා නම් තුනෙන් දෙක විතරක් නෙවෙයි, 113ත් අහිමි වෙලා තිබෙන වෙලාවේ මහින්ද මහත්මයා පවුල වෙනුවෙන් බලය අල්ලන් ඉන්නේ නැතිව මේකෙන් ඉවත් වෙන්න ඕන” යනුවෙන් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාතික ජන බලවේගයේ මැයි දින රැළිවලට රට පුරා පිරිස් සැරසෙන අයුරු
01:23
Video thumbnail
බලපත්‍ර කොන්දේසි කැඩු වැලි ලොරි 18ක් පොලිස් බාරයට..පැටවිය හැකි වැලි ප්‍රමාණයට වඩා වැලි පටවලා
03:23
Video thumbnail
බස් රථ දෙකක් එකිනෙක වැදී සිදුවූ බිහිසුණු අනතුරෙන් කුඩා දරුවෙකු හා කතක් රෝහලේ
00:49
Video thumbnail
"අපි ශම්මිව පැන්නුවා"ක්‍රිකට් ආයතනය ඉදිරිපිටට පිරිසක් ජාතික කොඩි උස්සන් ඇවිත් ගත්ත Fun එක
05:31
Video thumbnail
කොටුව දුම්රියපොළ ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් - රුසියාවෙන් දුන්න සහන ගන්නේ නැත්තේ ඇයි ?මොකටද බය ?
06:28
Video thumbnail
වෛද්‍යවරියන්ගේ නාන කාමරවල කැමරා සවිකල 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනාට ඇප
02:00
Video thumbnail
වෛද්‍යවරියන්ගේ නාන කාමරවල කැමරා සවිකල 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනාට ඇප
02:27
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04