අප්‍රේල් 21 ප්‍රහාරය: ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද ජනපති අතට

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදීමට සැලසුම් කර තිබේ.

එහි සාක්ෂි විමසීම පසුගියදා අවසන් විය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 සැප්තැම්බර් මස 21 වන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම පංච පුද්ගල ජනාධිපති කොමිෂන් සභාව පත් කරනු ලැබුවේය.

එහි සභාපති විනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා කටයුතු කළ අතර අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු සහ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් මංගලිකා අධිකාරි යන මහත්ම මහත්මීන් කොමිෂන් සභාවේ විනිසුරු මඩුල්ලෙ සෙසු සාමාජිකයන් වේ.

කොමිසමෙ සාක්ෂි විභාගය ආරම්භ කෙරුණේ 2019 වසරේ ඔක්තෝබර් 31 වැනිදායි.

එදින සිට දින 214 ක් රැස් වූ කොමිෂන් සභාව සාක්ෂිකරුවන් 457 දෙනකුගෙන් අවස්ථා 640කදී සාක්ෂි විමසා තිබේ.

ඊට අමතරව විමර්ශනයට සහය වූ නීතිපති දෙපාර්තමේන්තුව කොමිෂන් සභාව වෙත ආධාරක සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර ඇති ලේඛන සංඛ්‍යාව 2230 කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09