විරෝධතා නිසා රටට සිදු වන දේ නීතීඥවරු පිරිසක් අගමැතිට කියයි

ජ්‍යෙෂ්ඨ නීතීඥ පිරිසක් සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර හමුවක් අද (18) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පවත්වා තිබෙනවා.
මේ වන විට රටේ උද්ගතව ඇති ගැටලු නිරාකරණය කිරීම සහ රජයට විරුද්ධව පවත්වන අරගල හේතුවෙන් රටට සිදුවන අගතිය පිළිබඳව මෙහි දී සාකච්ඡා වී තිබෙනවා.
ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා ඉවත් කිරීම විරෝධතාකරුවන් පවසන පරිදි සිදු කළ නොහැකි බවත්, ව්‍යවස්ථාව පිළිබඳ පැහැදිලි අවබෝධයකින් තොරව, වර්තමානයේ ජනතාව මුහුණ දෙන ගැටලු මුල් කර ගනිමින් කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් මෙම අරගල මෙහෙයවන බව පෙනෙනන්ට ඇති බවත්, මෙහිදී නීතීඥවරු පෙන්වා දී ඇති බවත් සඳහන් වනවා.
අතීතය සහ පවතින නීති පිළිබඳ අවබෝධයකින් තොරව මේ වන විට තරුණ තරුණියන් යොදා ගනිමින් ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට සහ රජයට එරෙහිව ක්‍රියාත්මක කරනු ලබන අරගලය, රට පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින්නේ නැවතත් රට ව්‍යසනයකට ගෙන යෑමට විය හැකි බව ද නීතීඥවරු සඳහන් කර ඇති බව අගමැති මාධ්‍ය අංශය පවසනවා.
වර්තමාන අරගලවලට පහසුකම් සඳහා සාමාන්‍ය ජනතාව මුදල් ලබා දෙන බවක් නොපෙනෙන අතර, කිසියම් සංවිධානයක් විසින් සැලසුම්සහගතව මේ සඳහා මුදල් වියදම් කරමින් රට අරාජික කිරීමට කටයුතු කරමින් සිටින බවට සැක මතුවී ඇති බවත් නීතීඥවරු මෙහි දී පෙන්වා දී ඇති බවද සඳහන්.
මෙරට ජනමාධ්‍ය ද දැනුවත්ව හෝ නොදැනුම්වත්ව රට අරාජික කිරීමේ අරගලයට විවිධ අයුරින් සහයෝගය ලබා දීම නොකළ යුතු බවත් මෙවැනි අවස්ථාවක ජනමාධ්‍ය වගකීම් සහිතව කටයුතු කළ යුතුව ඇති බවත් නීතීඥවරු පෙන්වා දී ඇති බව වාර්තා වනවා.
මහජන නියෝජිතයින්ගේ වත්කම් විගණනය කිරීම කාලීන බවත්, එය රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් ආරම්භ කළ යුතු බවත්, මහජන නියෝජිතයින් කලින් කලට වෙනස් වුව ද රාජ්‍ය නිලධාරීන් මාරු නොවීම සහ රාජ්‍ය ආයතනවලත් නිලධාරීන්ගෙත් දූෂණ සහ වංචා අද දේශපාලඥයින් මත පැට වී ඇති බවත් නීතීඥවරු කියා සිටියහ.
සංවිධානාත්මක කල්ලි ජනතාව උපයෝගී කර ගනිමින් රජය අපහසුතාවට පත් කිරීමටත්, ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් ඉවත් කර ඔවුන්ගේ පටු අරමුණු ඉෂ්ඨ කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, එබැවින් මෙම අර්බුදය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ජනතා අවශ්‍යතා ඉටු කර දෙමින්, ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් ධෛර්ය සම්පන්නව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් නීතීඥවරු මෙහි දී වැඩි දුරටත් පවසා තිබෙනවා.
ජනාධිපති නීතීඥවරුන් වන ඩබ්ලිව්.දයාරත්න, රෂික් ෂාරුක් යන මහත්වරුන් ඇතුළු නිතීඥ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55
Video thumbnail
දුම්රිය රියදුරු හිඟය මත කිසිදු දුම්රියක් අවලංගු වුණේ නෑ - මෑත කාලයේ කරපු අසාර්ථකම වර්ජනය මේක
06:45
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ලාල්කාන්ත කට අරියි - වැඩවර්ජන කරන්න ඇති තරම් ඉඩ තියෙනවා..
03:01
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10