AFC Banner
Empty Ad
Empty Ad

සජිත්ගෙනුත් සැලුන් දොරක්‌

එක්සත් ජාතික පක්ෂයේ සිටින ප‍්‍රබල දේශපාලන චරිත දෙකකට සමගි ජන බලවේගයේ දොර වැසීමට එම පක්ෂය තීරණය කර ඇත.

එම දෙදෙනා හැර එජාපයේ අනෙක් කි‍්‍රයාකාරීන් සමගි ජන බලවේගය සමග සම්බන්ධවන්නේ නම් ඒ සඳහා අවස්ථාව ලබා දීමටද එම පක්ෂය තීරණය කර තිබේ.

සමගි ජන බලවේගය පක්ෂයේ නිලධාරී මණ්ඩලය පසුගිය 25 දා රැුස්වීමෙන් පසු එජාපයේ හිටපු ප‍්‍රධාන මැති ඇමැතිවරු තිදෙනෙක් සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත දුරකථනයෙන් අමතා නව නිලධාරී මණ්ඩලයට සුබ පතා ඇති අතර එජාපයේ නව තනතුරු පත් කිරීම් පිළිබඳව විවේචනය කර ඇත.

හිටපු කථානායක කරු ජයසූරිය මහතාද එලෙස දුරකථනයෙන් අමතා සුබ පතා ඇති අතර එජාපයේ සිටින බොහෝ පිරිසක් මෙන්ම ආණ්ඩුවේ සිටින බොහෝ පිරිසක්ද සමගි ජන බලවේගය සමග එක්ව වැඩ කිරීමට සූදානම් යැයි මේ වන විට දන්වා තිබෙන බව එහි ජ්‍යෙෂ්ඨයකු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?