විශ්වාසභංගය සහ දෝෂාභියෝගය කල් යන ලකුණු

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහි ව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංගය සහ දෝෂාභියෝග යෝජනාව කතානායකවරයාට භාරදීම සතියකින් පමණ කල් දැමීමට විපක්ෂය සූදානම් වනවා.

ඒ, පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබාගැනීමේ අරමුණෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කිරීමට නියමිත සාකච්ඡාවලට එය අහිතකර ලෙස බලපෑ හැකි බවට ආර්ථික උපදේශකයින් සිදු කළ කරුණු දැක්වීම්වලට ප්‍රතිචාර දක්වමින්.

මීට පෙර එළැඹෙන පාර්ලිමේන්තු සතියේ දී ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහි ව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංගය සහ දෝෂාභියෝග යෝජනාව කතානායකවරයාට ලබාදීමට යි විපක්ෂය සැලසුම් කර තිබුණේ.

සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් අදාළ යෝජනාවලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීම මේ වනවිට ආරම්භ කර ඇති අතර, ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අත්සන් තබා අවසන්.

මෙම යෝජනාවලට දෙමළ ජාතික ජනතා පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ සෙල්වරාසා ගජේන්ද්‍රන්ද පසුගිය දා අත්සන් තැබුවා.

කෙසේ වෙතත්, ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහි ව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංගය සහ දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අනිද්දා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිත ව තිබෙනවා.

එහි දී විශේෂයෙන් මෙම යෝජනා කතානායකවරයාට භාරදෙන කාලසීමාව පිළිබඳවද අවධානය යොමු කරනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03