විමල් වීරවංශ නැවත ආණ්ඩුවට රතු එළි දල්වයි

පවතින අර්බුදය විසඳීමට ආණ්ඩුව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසයි.

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 නායකයින්ගේ හමුවක් ඊයේ (12) පස්වරුයේ පැවැති අතර එම හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා හිමි මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වු විමල් වීරවංශ මහතා,

“රටේ නිසි විසඳුමක් නොදී ආණ්ඩුව මේ අර්බුදකාරී තත්ත්වය උත්සන්න වෙන්න ඉඩහැරලා පරණ පුරුදු ආකාරයට තවදුරටත් ඉදිරියට යන්න උත්සහ කරනවා. ඒ පරණ පුරුදු ගමනට මේ රටේ ජනතාවගෙන් ඉඩක් නැහැ. ඒක වහාම ආණ්ඩුව පිළිගන්න ඕනේ. ඒක පිළිගන්න බැරි ආණ්ඩුවකට පවතින්න බැහැ. මේ තියන තත්ත්වය නිසා අද ආර්ථික ඉතා දරුණු තත්ත්වයකට මේ රටේ ඇදගෙන වැටිලා තිබෙනවා. ඒ අර්බුදකාරී තත්ත්වයට ඇද වට්ටපු අය තාමත් මේ ආණ්ඩුය ඇතුළේ එක එක ක්‍රමයට ලැගලා ඉන්නවා. එහෙම තත්ත්වයක් තියාගෙන මේ රටට ඉස්සරහාට යන්න බැහැ. ඒ නිසා අපි තදබල ලෙස ආණ්ඩුවට බලකිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා වහාම ඉවත් වෙන්න අගමැති ඇතුළු මුළු ආණ්ඩුවම. ඉවත්වෙලා නව පාලන තන්ත්‍රයක් බිහිකරගන්න ඉඩ දෙන්න එසේ නොකිරීම විසින් ඇතිවෙන සමස්ත ව්‍යසනයට මේ සියලුදෙනා වග කියන්න ඕනේ. අපි තීරණ රැසක් ගත්තා ඒවා පස්සේ කියන්නම්.”

මේ අතර, පවතින අර්බුදය විසඳාගැනීම සඳහා ජනතා අරගයට නායකත්වය ලබාදිය යුතු බව අතුරලියේ රතන හිමි පවසයි.

උන් වහන්සේ පවසන්නේ වැඩිදුරටත් පවසා සිටියේ, අර්බුදය විසඳා ගැනීම සඳහා ආණ්ඩුව සමග සාකච්ඡා කිරිමෙන් ඵලක් නොවන බවය.

පවතින අර්බුදය විසඳීම සඳහා තමා ඇතුළු පක්ෂ නායකයින් විසින් ඉදිරිපත් කළ යෝජනා ආණ්ඩුව විසින් ක්‍රියාවට නැංවීමට කටයුතු නොකරනු ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වාසුදේව නානයක්කාර මන්ත්‍රීවරයා පැවසුවේය. එමෙන්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා එම ධූරයෙන් ඉවත් කළහොත් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28
Video thumbnail
ආණ්ඩුවට වැටෙනකම් විපක්ෂය බලාගෙන ඉන්නවා
08:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෝ දැන් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුලේ
03:12
Video thumbnail
උත්සව සමයේ විශේෂ බස් රථ සේවාවක්
04:18
Video thumbnail
ආපදාවට ලක් වූ ස්ථාන බලන්න යන්න එපා
02:37


?