යමෙකුගේ සිත රිදුනා නම් සමාවෙන්න

පසුගිය දිනයක දුලිකා මාරපන විරෝධතාවයක් අතරතුරදී පැවසූ කාරණාවක් සම්බන්ධයෙන් රසිකයන් බොහෝ දෙනා ඇයට දරුණු ලෙස බැන වැදී තිබුනු අප මුහුනුපොතේ දුටුවා.
ඇය ජොන්ස්ටන ඇමතිවරයා සම්බන්ධ කාරණාවක දි ජනප්‍රිය ගායක අතුල අධිකාරී සම්බන්ධ කරමින් මෙම ප්‍රකාශය සිදු කලා.
එමෙන්ම අදාල ප්‍රකාශය සම්බන්ධයෙන් කාවින්ද්‍යා අධිකාරී විසින්ද සංවේදි සටහනක් මුහුණුපොතේ පලකර තිබුනා.

කෙසේ නමුත් දුලීකා මාරපන එම ප්‍රකාශය සම්බන්ධව ඇගේ මුහුනුපොත් ගිනුමේ මෙවන් සටහනක් යොදා තිබුනා.
සටහන පහතින් ,

මාගේ ආදරණීයයන් කිසිවකුගේ සිතරිදවීමට හෝ අපහාස කිරීමට උවමනා වක් නැත .යමෙකුගේ සිත රිදුනා නම් සමාවෙන්න 🙏 නමුත් ජොන්ස්ටන් පාර්ලිමේන්තුවේ කල ප්‍රකාශය මා එක හෙලා විරුද්ධයි . මන්ද ඔහු සිතා සිටිනවා නම් මේ ජනතා අරගලය මර්ධනය කිරීමට , ආයුධවලින් , ඔහුට කියන්නට ඇත්තේ ඔහුත් මේ රටේ සිරගත කල යුතු තවත් එක දූෂිත , අමන ,වංචාකාරී දේශපාලකයෙක් කියාය. ඉතිහාසයේ පටන් මැර බලයෙන් ජනතාව සමග ගනුදෙනු කිරීම ඔහුට පුරුද්දක් ඇති බව රටම දනිමු .සතොස හොරකම් වංචාවන් අපි හොදින් දනිමු. කුරුනෑගල රෙසවේශන් ඉඩම් වලට වගකිවූවන්ද අපි දනිමු .කුරුණෑගලට නොගිහින් තවමත් කොළඹ city hotel නතරවී සිටින්නේද එනිසාය. නිවෙන්නට ආසන්න වූ කල පහන්දැල්ල වේගයෙන් නටන්නා සේ වියරුවෙන් දගලන කැනහිලුන් අපි උත්තරීතර පාර්ලිමේන්තුවට යැවීමේ ප්‍රතිපල අපි භුක්ති විදිමු. බලයට තන්හාවෙන් කෑදරකමින් නිධානයට අරක්ගත් කුම්භාන්ඩයත් මෙන් තවමත් මෙය අත්නොහැර සිටින්නේ , මෙහි වරප්‍රසාද වරදාන කෙසේ ඇත්දැයි උපකල්පනය කරන්නට වත් අපිට නොහැක . මේ රට ගොඩගන්න කොටින් ගෙන් ගත් රත්තරං හා ආයුධ විකුනූ මුදල්ම ප්‍රමානවත්ය . ඒවා අල්ලන කොට කීවේ රටේ සංවර්ධනයය යොදනවා කියාය.නමුත් අවසානයේ රට අගාධයෙන් අගාධයට යනතුරු දේශපාලුවෝ හාල් ගැරුවෝය .නාසය ලගට වතුර එන තෙක් අපි බලා සිටියෙමු….

image 37


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01