වෙළෙඳ ඇමැතිගෙන් අමුතු ගැසට් එකක්

ගැසට් පත්‍ර මගින් මිල පාලනයෙන් වැළකී ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 15ක් පමණ නිශ්චිත කාලයකට සාධාරණ අවම මිලට සැපයීම සඳහා තමන් කොළඹ ප්‍රධාන පෙළේ තොග සහ සිල්ලර වෙළෙඳුන් සමඟ එකඟතාවක් ඇතිකරගත් බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දේශයට පැවසීය.

මේ සම්බන්ධ සාකච්ඡාවට දේශීය වෙළෙඳපළට භාණ්ඩ සපයන ප්‍රධාන පෙළේ නිෂ්පාදකයන් හා තොග වෙළෙඳුන් 78 දෙනෙක් සහභාගී වූ බවද අමාත්‍යවරයා කීය.

අසාමාන්‍ය ලෙස මිල ගණන් ඉහළ නොදමා ඇතැම් භාණ්ඩ වර්ග සඳහා මාස 6ක කාලයක් තුළ නිශ්චිත මිලක් පවත්වාගෙන යාමටද තවත් භාණ්ඩ වර්ග ගණනාවක් සඳහා මාස තුනෙන් තුනට මිල සමාලෝචනය කිරීමටද මෙහිදී වෙළෙඳුන් එකඟ වූ බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

සහල්, අල, ලූනු, පරිප්පු, සැමන්, හාල්මැස්සන්, සීනි, කිරිපිටි ආදී භාණ්ඩ වර්ග 15ක් මෙම භාණ්ඩ ලැයිස්තුවට අයත්ය. මූලික වශයෙන් මෙම භාණ්ඩ සහන මිලට බෙදාහැරෙන්නේ ස.තො.ස. හා සමුපකාර මගිනි.

රජය නව බද්දක් පැනවූ විටත් විනිමය අනුපාතයේ අගය ඩොලරය රුපියල් 200 ඉක්ම වූ විටත් මෙම මිල ගණන් වෙනස් කළ යුතු බවද අදාළ වෙළෙඳුන් රජයට දන්වා තිබේ.

ඒ සඳහා ආණ්ඩුවේ එකඟතාව පළවූ අතර අවසන් තීරණය රජයේ ජීවන වියදම් කමිටුව හා සාකච්ඡා කොට රටට ප්‍රකාශ කරන වගද අමාත්‍ය ගුණවර්ධන පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23
Video thumbnail
ඉන්ධන මිල වැඩිවීමට හේතු කියන CPC එක - ලෝක වෙළෙඳපොලේ මිල වැඩිවීමට සාපේක්ෂව අපේ මිල වැඩිවෙලා නෑ
08:01
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ
01:04
Video thumbnail
හිනාවකුත් දාගෙන අධිකරණයට ඇවිත් ගිය යෝෂිත
01:02