චන්නගේ අලුත් වැඩේ

පුංචි තිරයේ අවිහිංසක ආදරවන්තයා විදිහට ආකර්ශනීය රංගනයෙන් සුවහසක් හදවත් තුල කිරුළු පැළදි ආදරණීය රංගන ශිල්පියෙක් තමයි චන්න පෙරේරා කියලා කියන්නේ. ඉතින් ඔහුගේ රංගාභිෂේකයට මේ වන විට දශක තුනක් සම්පුර්ණ වෙලා හමාරයි. ඉතින් රංගනයෙන් නොනැවතී අධ්‍යකවරයෙක් සහ නිෂ්පාදකවරයෙක් මෙන්ම තිර රචකයෙකු ලෙසත් ක්ෂේත්‍රයේ නමක් දැරූ මේ රංගන ශිල්පියාගේ අධ්‍යක්ෂක ජීවිතයට පසුගිය දා විසිවසරක් සම්පුර්ණ වුණා. ඉතින් ඒ නිමිත්තෙන් ඔහුගේ නවතම සිනමා නිර්මාණයක් වන සඳ දිය සළු චිත්‍රපටයත් සමඟ උත්සවයත් පසුගිය දිනක පැවැත්වුවා. ඉතින් ඒ පිලිබඳවත් ඔහුගේ අලුත්ම තොරතුරුත් ඔහු මෙහෙමයි කියලා තිබුනේ. අංජලිකා චිත්‍රපටයෙන් පසුව මන් කල චිත්‍රපට සියල්ලම වෙනස් ආකාරයේ චිත්‍රපට. නමුත් බොහෝ දෙනෙක් මට කිවුවේ ආකර්ශනීය සිනමාවේ ලක්ෂණ ඇතුලත් අංජලිකා වගේම චිත්‍රපටයක් නැවත කරන්න කියලා. ඉතින් සඳ දිය සළු කියන්නේ ඒ වගේම චිත්‍රපටයක් කරන්න දැරූ උත්සහයක්. ඉතින් මේ චිත්‍රපටයේ ඊටත් වඩා ආදරණීය සුන්දර කතා තේමාවක් සහිතයි. කෙටියෙන්ම කියනවානම් කොන්දේසි විරහිත සුන්දර ආදර කතාවක් සහිත සඳ දිය සළු චිත්‍රපටයේ කතාව මෙතෙක් මා අතින් ලියවුනු මන් කැමතිම කතාවයි. ඉතින් මන් වෘත්තිමය රංගන ශිල්පියෙක් අධ්‍යක්ෂකවරයෙක් නිෂ්පාදකවරයෙක් සහ තිර රචකයෙක්. මගේ තවත් නිර්මාණයක් වන ‘යුගාත්‍රා’ චිත්‍රපටයෙන් මාෂි සිරිවර්ධන ක්‍ෂේත්‍රයට හඳුන්වා දුන්නා. ඒක ලබන අගෝස්තු මාසයේ තිරගතවීමට නියමිතයි. ‘සඳ දිය සළු’ නමැති මගේ අළුත්ම චිත්‍රපටයෙන් නිම්හාරා සේනානායක නමින් අළුත් මුහුණක් හඳුන්වා දෙනවා. ඇයත් සිනමාවේ ලොකු වෙනසක් කරාවි. ඊට අමතරව මාලනී ෆොන්සේකා, ක්ලීටස් මෙන්ඩිස්, මොරීන් චාරුනී, කුසුම් රේණු, ලාල් වීරසිංහ, අජිත් වීරසිංහ, ශ්‍රීමාල් වෙඩිසිංහ, අතුල අධිකාරී සහ ශේෂාද්‍රි ප්‍රියසාද් රංගනයෙන් එකතු වෙනවා.

ඉතින් මේ සියලු කාර්යයන්හි මම යෙදුනේ ඉතා සතුටින් සහ මා සතු උපරිම හැකියාවෙන්. ඉතින් ඒ නිසා මෙතෙක් කිනම් හෝ ආකාරයෙන් මම සහය දැක්වූ හැම කලා නිර්මාණයකටම මන් කැමතියි. වසර තිහක් එක ලෙසම ජනතාවගේ ප්‍රේක්ෂක ආකර්ෂණය ආදරය පවත්වාගැනීම රංගන ජීවිතයේ රංගන වේදියෙක්ට අභියෝගයක් තමයි. ඉතින් අභියෝග වලට මන් හරි කැමතියි. අභියෝග තමයි මගේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න ශක්තියක් උනේ. ඉතින් අභියෝග අභියෝගයක් විදිහට බාරගත්තොත් තමයි ඒක තවත් අභියෝගයක් වෙන්නේ. ඉතින් මන් කරන දේ උපරිමයෙන් හරියට කරනවා. ඒ නිසා වෙන්න ඇති තාමත් එදා වගේම මට ප්‍රේක්ෂකයින්ගේ හදවතේ රැදිලා ඉන්න පුළුවන් උනේ. මගේ රංගන ජීවිතයේ මට වැඩිපුරම ලැබුණේ පෙම්වතාගේ චරිත ඉතින් පෙම් චරිත නිරූපණය කරන එක පහසු දෙයක් නෙමෙයි. ඒකත් කලාවක්. මම ඒ චරිත වලට සාධාරණයක් ඉටු කල නිසා වෙන්න ඇති දිගින් දිගටම එවැනි චරිත මට ලැබුණේ. ඉතින් ඒ අතර මට සෙනසුරු මාරුව, ගං දෑල නිසලයි, තිමිර පව්ව, රතු අහස වගේ ටෙලිනාට්‍ය වල වෙනස් චරිතත් ලැබුණේ. ඉතින් ඒවාට සම්මානත් ලැබුණා. නමුත් මම දැන් ටෙලිනාට්‍ය රංගනය බොහෝ සිමා කරලා තියෙන්නේ. ඉතින් ඉතා හොඳ චරිතයක් ලැබුනොත් පමණයි මම රඟපාන්නේ. මම එවැනි චරිත පිපාසයෙන් ඉන්නේ.

මම හැමවිටම උත්සහ කලේ කලාවේ අලුත් යමක් කරන්න. ඉතින් තාම මම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ චිත්‍රපට හතරක් විතරයි. ඉතින් ජීවිතේ මට හැමදෙයක්ම ලැබුණේ කලාව නිසා. ඉතින් කලාව නිසා චන්න පෙරේරා මේ රටේ එක්තරා සලකුණක් වුණා. ඒ වගේම ප්‍රේක්ෂක ආදරය උපරිමයෙන් ලැබුණා. ඉතින් සම්මාන කියලා කියන්නේ කිහිපදෙනෙක්ගේ අදහස් මත තීරණය වෙන දෙයක්. නමුත් අදටත් එදා වගේම රසිකයින් මට දක්වන ආදරය වෙලාවකට ඇස් දෙකට කඳුළු ගෙන එන තරම් සංවේදීයි. ඒ නිසා මන් කලාවට අසීමිතව ආදරෙයි. අංජලිකා මම හැදුවේ විශාල පිරිවැයක් දරලා. ඉතින් ඒ සිනමාව එක්තරා ප්‍රමිතියකට ඔසවා තැබූ ඒ ආකර්ශනීය සිනමාවේ එක්තරා හැරවුම් ලක්ෂයක් බව විචාරකයින් පවා අදහස් දක්වා තිබුණා. ඉතින් අන්ජලිකාගෙන් පසුව ඒ ප්‍රමිතිය පවත්වාගෙන යන්න එතනින් උඩට ඔසවා තැබීමේ වැදගත්කමත් ඒ ඔස්සේ මතුවුණා. අංජලිකා තුලින් ඒ තත්වය ඇතිවීම යහපත් ප්‍රවණතාවයක් කියලයි මම හිතන්නේ. සිනමා ජීවිතයේ දශක තුනක් ගත වෙද්දී අදටත් තිරයේ ආදරවන්තයා වීමේ රහස ගැන ඔහු මෙහෙමයි කියලා තිබුනේ. මන් මේ මොහොත තුල ජීවත් වෙන කෙනෙක් අතීතය ගැන පසුතැවීමක් හෝ අනාගතය ගැන බයක් නැතිව හැම මොහොතේම සතුටින් ඉන්න වගේම මං ලඟ ඉන්න අයත් සතුටින් තියන්න උත්සහ කරන කෙනෙක්. මේ අවස්ථාවේදී මේ දක්වා මට සහයෝගය දුන් සියලුම මාධ්‍ය හිතවතුන්ට වගේම මගේ රසික රසිකාවියන්ට හඳවතින්ම ස්තූති වන්ත වෙන්වා කියලයි රටක් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පී චන්න පෙරේරා අවසානයේ කියලා තිබුනේ.

687474703a2f2f7374617469632e6c616e6b6164656570612e6c6b2f61646d696e2f77702d636f6e74656e742f75706c6f6164732f323032312f30312f32303231303132376f73686164692d312e6a7067
687474703a2f2f7374617469632e6c616e6b6164656570612e6c6b2f61646d696e2f77702d636f6e74656e742f75706c6f6164732f323032312f30312f32303231303132376f73686164692d322e6a7067
687474703a2f2f7374617469632e6c616e6b6164656570612e6c6b2f61646d696e2f77702d636f6e74656e742f75706c6f6164732f323032312f30312f32303231303132376f73686164692d342e6a7067
687474703a2f2f7374617469632e6c616e6b6164656570612e6c6b2f61646d696e2f77702d636f6e74656e742f75706c6f6164732f323032312f30312f32303231303132376f73686164692d332e6a7067
687474703a2f2f7374617469632e6c616e6b6164656570612e6c6b2f61646d696e2f77702d636f6e74656e742f75706c6f6164732f323032312f30312f32303231303132376f73686164692d352e6a7067
687474703a2f2f7374617469632e6c616e6b6164656570612e6c6b2f61646d696e2f77702d636f6e74656e742f75706c6f6164732f323032312f30312f32303231303132376f73686164692d362e6a7067
687474703a2f2f7374617469632e6c616e6b6164656570612e6c6b2f61646d696e2f77702d636f6e74656e742f75706c6f6164732f323032312f30312f32303231303132376f73686164692d372e6a7067
687474703a2f2f7374617469632e6c616e6b6164656570612e6c6b2f61646d696e2f77702d636f6e74656e742f75706c6f6164732f323032312f30312f32303231303132376f73686164692d382e6a7067
687474703a2f2f7374617469632e6c616e6b6164656570612e6c6b2f61646d696e2f77702d636f6e74656e742f75706c6f6164732f323032312f30312f32303231303132376f73686164692d392e6a7067
687474703a2f2f7374617469632e6c616e6b6164656570612e6c6b2f61646d696e2f77702d636f6e74656e742f75706c6f6164732f323032312f30312f32303231303132376f73686164692d31302e6a7067
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?