පියාණෙනි, ඔවුන්ට සමාව දෙන්න..

මේ දිනවල පැවැත්වෙන මහජන විරෝධතාවන් පිළිබද විවිධ කතා බහ අපි මුහුනුපොත පුරාම දකිනවා.එමෙන්ම විවිධ සටන් පාඨයන් මෙන්ම ඒ පිලිබදව දක්වන පක්ෂ විපක්ෂ මතද අපි දිනපතාම පහේ මුහුනුපොතේ දකිනවා.

කෙසේ නමුත් මේ සටහනට වස්තු බීජය වූයේ රාජපක්ෂ පවුලේ බාලයා නොහොත් රෝහිත රාජපක්ශ ගේ බිරිඳ මුහුනුපොතට එක් කර තිබුනු සටහනකි.
විරෝධතාවයට එක්වූ අයෙක් පුවරුවක් ප්‍රදර්ශනය කරන ආකාරය මෙහි සටහන්ව තිබුනි.එහි සටහන්ව තිබුනු දේ අර්ථය සරලව සිංහලයෙන් ගත් විට “පියාණෙනි, ඔවුන්ට සමාව දෙන්න, ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදන්නා බැවිනි ” ලෙස සරලව ගත හැක.

ඇතැමෙක් තර්ක කලේ ඇය මේ විරෝධතාකරුවන්ට තර්ජනයක් කරන බවයි.මෙහි පියානන් ලෙස කියනු ඇත්තේ ටට්යානාගේ මාමන්ඩියට බවයි ඔවුන් කියා සිටියේ.නමුත් තවත් පිරිසක් කියා සිටියේ ඇය උපතින් ක්‍රිස්තු භක්තික වන බැවින් ඇය මේ විරෝධතාකරුවන්ට සමාව දෙන මෙන් ඉල්ලා සිටින්නේ දෙවි පියානන් වහන්සේගෙන් බවයි.ඇය ඇත්තටම මේ කියන පියානන් කවුද කියා දන්නේ ඇයම පමණකි.

කෙසේ නමුත් මෙම සාමකාමී අරගලය කිසිවිටක හිංසනයට හෝ විනාශයකට නොයායුතු බව පමණක් අප දැඩිව විශ්වාස කරනබව සටහන අවසානයට ලියා තැබීමට කැමැත්තෙමු.

ටට්යානා මුහුනුපොතේ පලකල සටහන

image 18
ටට්යානා මුහුනුපොතේ පලකල සටහන
  1. හොරා කාපු මුදල් ආපහු දෙන්න . ඔබගේ රැකියාවක් නොකර සැමියා සමග සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන විදියක් අපටත් කියා දෙන්න.
    පියාණෙනි, අපායේ දොරටුව ඔවුන් සැමට ආසන්න බැවින්, සමාව දෙන්න .(වැඩක් වෙන්නේ නෑ)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30