ප්‍රංශ ආධාරවලින් කෝටි 28ක්ම නිලධාරීන් කාලා

ප්‍රංශ ණය ආධාර යටතේ ක්‍රියාත්මක ‘අනුරාධපුර ඒකාබද්ධ නගර සංවර්ධන ව්‍යාපෘතියෙන්’ රු. කෝටි 28ක් වියදම් කර ඇත්තේ එහි උපදේශකයන්ගේ හා නිලධාරීන්ගේ නඩත්තුවට බවත් නගර සංවර්ධනය වෙනුවෙන් එක් ගඩොලක් හෝ මෙතෙක් තබා නැති බවත් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී හෙළි කළේ ය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 57ක වියදමින් ක්‍රියාත්මක එම ව්‍යාපෘතිය වසර හතරක් තිස්සේ අක්‍රියව තිබීම ගැන මහජන නියෝජිතයන් නාගරික සංවර්ධන අධිකාරියට එරෙහිව නැගූ චෝදනා හමුවේ ආණ්ඩුකාරවරයා මේ බව අනාවරණය කළේ ය. 

අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි කේ. නන්දසේන මහතාගේ හා සම සභාපති පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (27දා) උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. අදාළ ව්‍යාපෘතිය යටතේ දැනට පවතින උප ව්‍යාපෘති අවශ්‍යතාවලට ප්‍රමුඛත්වයක් නොදී ආරම්භ කිරීමට සූදානම් බවට නැඟුණු කරුණු දැක්වීමකට අනුව ප්‍රංශ ණය ආධාර වැඩසටහනේ ක්‍රියාකලාපය එහිදී දැඩි දෝෂ දර්ශනයට ලක් විය.

කිසිදු නියාමනයක් නොමැතිව වසර හතරක් තිස්සේ මෙම ව්‍යාපෘතියට ලැබුණු දැවැන්ත මුදල් සම්භාරය නිකරුණේ වියදම් කළත් දකින්නට ඇති භෞතික ප්‍රගතිය සියයට බින්දුවක් යැයි ඒ මොහොතේ සම්බන්ධීකරණ කමිටු සභාපති කේ. නන්දසේන මහතා කියා සිටියේ ය. එහෙත් මේ වන විට අදාළ උප ව්‍යාපෘති 20න් දෙකක් අරඹා ඇති බවටත් තවත් හතරක් ආරම්භ කිරීමට කොන්ත්‍රාත්කරුවන්ට ඉල්ලුම් කිරීමට පුවත්පත් දැන්වීම් පළකර ඇති බවටත් නාගරික සංවර්ධන අධිකාරියේ උතුරු මැද පළාත් අධ්‍යක්ෂ එච්.ඩබ්ලිව්. සෝමරත්න මහතා එහිදී පිළිතුරු දුන්නේ ය. නාගරික සංවර්ධන හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය භාරගෙන මාස දෙකක් බවත් අදාළ ව්‍යාපෘතියට ලබාගෙන ඇති කාලය ලබන අප්‍රේල් මාසයෙන් අවසන් වන බැවින් කාලය දික් කර ගත යුතු බවත් අධ්‍යක්ෂවරයා කීවේ ය. 

එහිදී දැඩි ආවේගාත්මකව කරුණු දැක්වූ ආණ්ඩුකාරවරයා “2016 සැලසුම් කර මේ වසරේ අවසන් කිරීමට තිබුණු ව්‍යාපෘතියෙන් කිසිම වැඩක් කරලා තිබුණේ නෑ. මෑතදී අපි මැදිහත් වෙලා මේ දේවල් මතු කළ නිසා වැඩ ආරම්භ කළා කියනවා. ගඩොලක්වත් තියලා නෑ. එකපාර ම රු. කෝටි 28ක් ඉවර වුණා කීවා. මේක සුළු පටු මුදලක් නොවෙයි. සම්පූර්ණ මුදල ලංකා මුදලින් රුපියල් මිලියන 10,125ක්. කිසිම උපදේශනයක්, අධීක්ෂණයක් වෙලා නෑ. 

නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රංශ තානාපති කාර්යාලය සමඟ සාකච්ඡා කර මේකේ කාලය දික් කරගන්න. නැතිනම් මුදල් ආපසු යනවා. මහා අපරාධයක්.” යි කීවේ ය.

ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ සංවර්ධන ව්‍යාපෘති සියල්ල අධීක්ෂණය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කටයුතු කළ යුතු බවට බව එහිදී උද්දික ප්‍රේමරත්න සහ කේ.පී.එස්. කුමාරසිරි පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කියා සිටියහ. ඒ අනුව,වහා ම ප්‍රංශ ණය ව්‍යාපෘතියේ සංවර්ධන වැඩසටහන් එකිනෙක වෙන වෙනම සාකච්ඡා කිරීමට වෙන ම රැස්වීම් පවත්වන ලෙස අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා කළ යෝජනාවට අනුව වෙන ම ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අනුරාධපුර මහ දිසාපති ආර්.එම්. වන්නිනායක මහතාත් ආණ්ඩුකාරවරයාත් තීරණය කළහ. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද මහතා එදින රැස්වීමේ කරුණු ඉදිරිපත් කළේ ය.

වික්‍රම රලපනාව – අනුරාධපුර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?