අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමේ ලිපියකට අත්සන් තැබුවා

රට තුළ මතුව ඇති අර්බුදය හමුවේ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමේ ලිපියකට අත්සන් තබා ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ රාත්‍රියේ පැවති කැබිනට් ඇමතිවරුන්ගේ විශේෂ හමුවකදියි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඊයේ පැවති විශේෂ කැබිනට් අමාත්‍යවරුන්ගේ හමුවෙන් අනතුරුව තම තමන් අදාළ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමට කැමති බවට අත්සන් කරන ලද ලිපියක් අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදීමට අමාත්‍යවරුන් කටයුතු කරනු ලැබුවා.

අග්‍රාමාත්‍යවරයා හැර අනෙකුත් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම ලබාදුන් අතර, ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අද හමුවී සාකච්ඡා කොට තීරණයක් ගනු ඇති බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ.

ඔහු තවදුරටත් කියා සිටියේ ඊයේ හිටපු අමාත්‍යවරුන් සිය ධුරවලින් ඉවත්වෙමින් අත්සන් කළ ලිපිය අග්‍රාමාත්‍යවරයා විසින් අද ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බවයි.

තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඊයේ මුළින්ම ප්‍රසිද්ධ කළ අතර, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි ඇතුලු තවත් කිහිපදෙනෙකු අදාළ තීරණය පසුව ප්‍රසිද්ධ කළා.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරුන් ඉවත්වීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධණ ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ ඉල්ලා අස්වුණා.

ජනාධිපතිවරයා වෙත දීර්ඝ ලිපියක් යොමු කරමින් ඔහු කියා සිටියේ 69 ලක්ෂයක් වූ ඡන්දය දුන් ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරවාලීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57