පොලිස්පති සහ SSP මානව හිමිකම් කොමිසමට

මිරිහාන විරෝධතාවයේදී මාධ්‍යවේදීන්ට පහරදීම ද මානව හිමිකම් කොමිසන් සභාව දැඩි ලෙස හෙළා දැක තිබේ.
එම කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට ලබන අඟහරුවාදා පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවන බවය.

මේ අතර අනුරාධපුර විරෝධතාවයේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු එම විරෝධතාකරුවන්ට කළ පහරදීමක් සම්බන්ධයෙන් ද මානව හිමිකම් කොමිසන් සභාවේ අවධානය යොමුව තිබේ.

කොමිසම ප්‍රකාශ කළේ, ඔහු ද ලබන අඟහරුවාදා කොමිසම හමුවට කැඳවා ඇති බවය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සියලු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් අද (03)පැවති විශේෂ හමුවකදී මෙම තීරණවලට එළැඹි බව එම කොමිසමේ සභාපතිනී විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය න්ව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළා ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
47
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?