උසස් පෙළ සිසුන්ට හදිසි පණිවුඩයක්

අද (03) දිනයට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අද දිනයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඉදිරිපත්වීමට නියමිතව සිටි අපේක්ෂකයින් හෙට (04) දිනයේ පරීක්ෂණ මණ්ඩලය වෙත ගොස් නැවත දිනයක් ලබාගත යුතු වෙයි.

හෙට දිනයේ සිට නියමිත පරිදි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් විභාග අපේක්ෂකයින් නියමිත දින නියමිත වේලාවට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල වෙත වාර්තා කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?